GossipsHollywood & Bollywood
Trending

ශ්‍රීදේවිගේ අවසන් රංඟනය ශාරුක් ඛාන් එක්කද?

Sridevi's Last Movie - Zero




Sridevi’s Last Movie Exclusive from Starfiends.lk

බොලිවුඩ් සිනමාවේ පළමු සුපිරි තාරකාව ලෙස හැඳින්වෙන ශ්‍රී දේවී (Sridevi) හදිසියේ අප අතරින් වියෝ වුණේ නාන කාමරයේදී සිදු වූ හදිසි අනතුරකින්. එම මරණය සම්බධයෙන් අදටත් ලොව පුරා රසික රසිකාවන් කඳුළු සලනවා.

Sridevi

ශ්‍රී දේවී ගේ හදිසි වියෝවෙන් පසුව ඇය අවසන් වරට සිය රංඟන දායකත්වය ලබා දුන් සිනමා පටයක පූර්ව ප්‍රචාරක පටයක් මේ දිනවල දකින්න ලැබෙනවා. ඉන්දීය සුපිරි නළු ශාරුක් ඛාන් (Shahrukh Khan) ප්‍රධාන චරිත නිරූපනය කරන මේ චිත්‍රපටයට අනුශ්කා ශර්මා (Anushka Sharma) සහ කත්‍රිනා කයිෆ් (Katrina Kaif) ප්‍රධාන නිළියන් ලෙස සහභාගී වනවා. මේ කියන්නේ දැනටමත් විශාල ආකර්ශනයක් දිනාගෙන සිටින Zero චිත්‍රපටය ගැන. ශාරුක් මෙහි උසින් අඩු (මිටි) තරුණයකු ලෙස රඟපෑම නිසා විශාල අවධානයක් දැනටමත් එල්ලවෙලා තියෙනවා. පහුගිය දවස්වල ශාරුක්ගේ චිත්‍රපට හිතූ තරම් ජනප්‍රිය වුණේ නැනැ. නමුත් zero චිත්‍රපටය සම්බන්ධයෙන් නම් විශාල විචාරක සහ ප්‍රේක්ෂක උන්මාදයක් තියෙන බව පේනවා.

අනෙක් වැදගත්ම කාරණාව වන්නේ මේ චිත්‍රපටයට සුපිරි බොලිවුඩ් නිළි ශ්‍රී දේවී ගේ නර්තනයක් එක් වී තිබීම. එය ඇය සිදුකළ අවසාන සිනමා රංඟනය බවත් කියවෙනවා.

කෙසේ වුණත් සීරෝ පූර්ව ප්‍රචාරක පටයට ශ්‍රී දේවිගේ රංඟනය ඇතුලත් නොකර සිටින්න නිෂ්පාදක කණ්ඩායම පරිස්සම් වෙලා තියෙනවා. සමහර විට ඔවුන්ට අවශ්‍ය වෙන්න ඇත්තේ ඒ අත්දැකීම සිනමා ශාලාවේදී විඳගැනීමට සලස්වන්න වෙන්න ඇති.

Sridevi

සල්මන් (Salman khan), කාජල් (Kajol), රාණි (Rani), දීපිකා (Deepika), ආලියා (Alia), කරීෂ්මා (Karishma)  විතරක් නෙමෙයි ජුහීචවුලාත් (Juhi Chawla) මෙහි ආරාධිත රංඟනයක නිරත වනවා. ඇත්තටම ඒක සුවිශේෂී අවස්ථාවක් ලෙස තමයි රසික රසිකාවන් දැනටමත් හඳුනාගෙන තියෙන්නේ.

හදිසියේ වියෝ වූ ශ්‍රී දේවී ගේ අවසාන රංඟනය දැක බලාගන්න රසික රසිකාවියන් සිනමා ශාලාවලට ඇදී එනු ඇති බවට සීරෝ සම්බන්ධයෙන් මත පළකරන අය දැනටමත් පවසා තිබෙනවා. කෙසේ වුවත් මේක ශ්‍රී දේවිය ගේ මතකය අලුත් කරන සංවේදී අවස්ථාවක් වෙනවාට සැක නැහැ.

Sridevi’s Last Movie Exclusive from Starfiends.lk

Tags
Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close