
Srimali Fonseka Exclusive from Starfriends.lk
පොඩි කාලේ අපි එක එක දේවල් ගැන කතා කළාට වයසින් වැඩීගෙන යද්දී අපි කතා කරන්න පටන් ගන්නේ ඒ කාළේ කතාකරපු දේවල් නෙමෙයි. එතකොට අපි වෙනම topics වලින් කතාව පටන් ගන්නේ. ඉතින් ඔන්න ආදරේ ගැන කතා කරන්න පටන් ගන්නවා. ඊට පස්සේ ආදරය කරන්න පටන් ගන්නවා. ඊටත් පස්සේ ආයෙමත් ආදරේ හින්දා වුණු කේස් ගැන කතා කරනවා. ඒකත් නිකන් හරියට සර්කල් එකක් වගේ. අපි ආයෙමත් කතා කරන්නේ ඒ ගැනමයි. ඉතින් පහුගිය දවසක ශ්‍රීමාලිත් ආදරේ ගැන කතාකරලා තිබ්බා. බලාගෙන යද්දී ශ්‍රීමාලි කියන විදිහට ආදරේ ගැන කියන කතාව එයාගෙ පැත්තෙන් ඇත්තක්. ඉතින් අපි මේ කතා කරන ශ්‍රිමාලි කවුද කියලා ඔයාලා දන්නවා නේද? මෙයා තමයි ශ්‍රිමාලී ෆොන්සේකා. 2012 දී ,Mrs sri lanka වුණු ශ්‍රීමාලි ඉන්පස්සේ ඒ වගේ තරඟ කිහිපයකින්ම ජයග්‍රහණය කරන්න සමත් වුණා.
කොහොම වුණත් ශ්‍රීමාලි කියන්නේ කලාවට එන්න එහෙම බලාපොරොත්තුවක් තිබුණු කෙනෙක් නෙවෙයිලු. එයාගෙ පොඩි කාලෙ ඉඳලා එකම dream එක වෙලා තිබිලා තියෙන්නේ ගුවන් සේවිකාවක් වෙන එකලු. අන්න ඒ dream එක ඔළුවෙ තියාගෙන තමයි ශ්‍රිමාලි english පවා හදාගෙන තියෙන්නෙ. වැඩේ කියන්නේ මෙයා තමයි ගෙදර එකම ගෑණු ළමයා. ඉතින් ආයි නෝ හෙල්ලුම්. මෙන්න මේ කතන්දරේ හින්දා ශ්‍රිමාලිගේ ගුවන්සේවිකාවක් වෙන dream එක සදාකාලිකම dream එකක් වුණාලු.
කොහොම හරි ගෙදර මේ වගේ situation එකක් තිබුණු නිසා වෙන්න ඇති ශ්‍රිමාලි ඉස්කෝලෙ යන කාලෙ love affairs වත් තියාගන්න ගියේ නෑ කියලා කියන්නේ. මොකද එහෙම කරොත් ඒකෙ ආනිසංස හොඳටම දන්න නිසා වෙන්නත් ඇති එයා එහෙම කරන්න ඇත්තේ. කොටින්ම කියනව නම් class වත් යන්න නොදුන්න මෙයාට job එකක් කරන්න පවා ගෙදරින් permission ලැබිලා නෑ. අන්න එහෙමයි ශ්‍රිමාලි ගෙදර දොරේ හැදුනෙ වැඩුනේ. ඉන් පස්සේ තමයි ශ්‍රිමාලි marry කරලා ඩුබායි යන්න ගියේ. ඉතින් ඉස්කෝලේ යන කාලෙවත් ආදරේ නොකරපු ශ්‍රිමාලි පහුගිය දවසක ආදරේ ගැන කියලා තියෙන්නේ මෙහෙමලු.
ජීවිත්වෙලා ඉන්නවා කියලා දැනෙන්නේ හරියට ආදරේ කියන දේ ලැබෙනකොටලු. බලාපොරොත්තු ගොඩ නැගෙන්නෙ ආදරේ ලඟ තියෙනකල්ලු. හැබැයි වැඩේ කියන්නේ ඒ හැමදේම වෙන්නත් හරියන කෙනා ලැබෙනවද කියන එකලු ප්‍රශ්නෙ. ඒ වගේම සැබෑ ආදරේ කියන එක හැම දෙනාටම ලැබෙන්නේ නැහැ කියලත් කියනවා. ඒ එක්කම එයාගේ ආදරේ තුළ නම් එයා තෘප්තිමත් නැහැ කියලයි කියන්නේ. සියයට දහයක් වගේ පිරිසකටලු තමන් හොයන ආදරේ ලැබෙන්නේ.
කොහොම වුණත් ශ්‍රීමාලි කියන මේ හැම දේකින්ම තේරෙන්නේ ආදරය ගැන නම් එයා එච්චර සැටිස් නැහැ කියලයි.
Srimali Fonseka Exclusive from Starfriends.lk