Daily News
Trending

ශෂිනිට ධනංජයව එපා වෙලාද?




ශෂිනි සිරිවර්ධනයි ධනංජය සිරිවර්ධනයි කියන්නෙ බොහෝම සන්තෝසෙන්, විනෝදයෙන් ඉන්න අඹුසැමි යුවලක්නෙ. මේ ළඟදි දවසක ශෂිනි ධනංජය ගැන කතාබහක යෙදිලා තිබුණා. ඒ කතාබහට අනුව ශෂිනි මෙන්න මේ වගේ කතාවක් කියනවා. ශෂිනිට අනුව ධනංජයට වඩාත්ම ගැලපෙන පෙම්වතියන් දෙන්නෙක් ඉන්නවා. ඒ උදාරි වර්ණකුලසූරිය සහ උපේක්ෂා ස්වර්ණමාලි. හැබැයි ඇය මේ කියන්නෙ රංඟනයෙදි වඩාත්ම ගැලපෙන පෙම්වතිය ගැන. ධනංජයගේ පළමු පෙම්වතිය වන්නෙ ශෂිනි ලු. ඒ වුණාට ධනංජය හුඟාක්ම කැමති අයිශ්චර්යා රායිට. ඒ වෙන මොකකටවත් නෙමෙයි අයිශ්චර්යා එක්ක ඇක්ට් කරන්න තමයි ධනංජය කැමැති. ධනංජයට හුගාක් නරක පුරුද්දක් තියෙනවා කියලත් ශෂිනි කියනවා. වාහනයක් ඩ්‍රයිව් කරද්දි අනෙක් අය කරන වැරදිවලදි ධනංජයට අසාමාන්‍ය ලෙස කේන්ති යනවලු. මේ ගතිගුණයට නම් ශෂිනි ආසම නැහැ. කොහොම වුණත් ශෂිනි සහ ධනංජය කියන්නෙ හරිම ආදරණීය කපල් එකක්. ධනංජය වුනත් කොයිවෙලෙත් බලන්නෙ ඉක්මනට ගෙදර එන්නලු. ඒ මේ දෙන්න අතර තිබෙන ආදර බැඳීම නිසා වෙන්න ඕනෙ.

Tags
Show More
Close