Daily News
Trending

ශෂිකාගෙන් රිදෙන තැනට සින්දුවක්.




ශෂිකා නිසංසලා ගායනා කළ අලුත්ම ගීතය මේ වනවිට යූ ටියුබ් වෙත මුදා හැර තියෙනවා.

ගෘහස්ථ හා එළිමහන් ප්‍රසංගවල මෙන්ම රූපවාහිනී, ගුවන්විදුලි නාලිකාවල චාර්ට් ශෝවලත් ශෂිකාගේ ගීතවලට තියෙන්නේ පුදුමාකාර ඉල්ලුමක්.

නව පරපුරත් සම්භාව්‍ය ගීත පරපුරත් එක ලෙස ආමන්ත්‍රණය කළ හැකි මධ්‍යස්ථ නිර්මාණ භාවිතාවක් ශෂිකා තුළින් පිළිබිඹු වෙනවා. මේ නිසා ශෂිකාට ආදරය කරන රසික රසිකාවියන් විශාල පිරිසක් ඉන්නවා. අපි මේ නිවුස් එක කියන්නේ අන්න ඒ අය වෙනුවෙන්.

” රිදෙන්නට නෑ තවත් ඉතිරිව
හදේ සිව් කොන යම් තැනක්
නාඳුනන ලෙස හිඳී සුසුමන්
පවා මහමෙර දුක දරන් ”

මහා මේරුව තරම් වූ වේදනා කන්දක් උසුලාගෙන කිසිවක් නොවුනා සේ හිඳින්නට වෙර දරන සංවේදී හදවතක් වෙනුවෙන් ලියැවුණ අපූරු පද වැලකට ශෂිකාගේ මියුරු හඬින් ජීවය ලැබෙනවා. මෙහි හදවත කකියවන තරම් සියුම් ස්වර මාලාව ඉපදෙන්නේ ධර්ශන වික්‍රමතුංගගේ සංගීතඥානයෙන්.

ඕනම කෙනෙක්ගේ සියුම් සංවේදනා උපේක්ෂාවෙන් උහුළන හදවතකට, ආදරණීය විප්‍රයෝගයේ සුවඳ තැවරූ පද වැල ගෙතෙන්නෙ රසික දුමින්දගේ කවි සිතෙන්

‘ රිදෙන්නට නෑ ‘ ලෙසින් නම්කර තිබෙන මෙම ගීතයට ලීඩ් ගිටාර්, රිදම් ගිටාර්, බේස් ගිටාර්, සැක්සපෝන්, ෆ්ලූට්, වයලීන්, ඩ්‍රම්ස්, කීබෝර්ඩ් ආදී වාද්‍ය භාණ්ඩවල සංගීතය මුසු වෙනවා. ශෂිකා, ඔයාලට නිවීසැනසිල්ලේ භාවනාවක් වගේ රසවිඳින්න පුළුවන් ගීතයක් තිළිණ කරලා තියෙනවා. යූටියුබ් පැත්තේ ගියොත් රසවිඳින්න පුළුවන්

Tags
Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close