
Shalani’s Secret Santa Exclusive from Starfiends.lk
සාමයේ පණිවුඩය අරගෙන ජේසු ස්වාමි දරුවා උපන් නත්තල් දිනය ඉතාම සාමකාමීව වගේම උත්වශ්‍රීයෙන් ගෙවිලා ගියා. ඒ වුණත් නත්තල් උණුසුම තව දින කිහිපයක් යනතුරු පහව යන්නේ නෑ. නත්තල් දවසේ කොළඹ කාලගුණය තරමක් අයහපත් වුණත් හැමෝම වගේ පුළු පුළුවන් විදියට මේ දවස සිහිපත් කළා. කලා බීලා විනෝද වුණා.
නත්තලත් එක්ක නත්තල් සීයාවත්අමතක කරන්න බැහැ. කාලෙන් කාලෙට එක එක සෙල්ලම් එනවා නේ. සීක්රට් සැන්ටා කියන්නේ අන්න ඒ ජාතිය අලුත් සෙල්ලමක්. අලුත් කිව්වාට මේ සෙල්ලම දැන් ටිකක් පරණයි. ඉස්සර නත්තල් සීයා තෑගි දුන්නේ දුගී දුප්පත් ගෙවල්වල දරුවන්ව සතුටින් තියන්න අවශ්‍ය වූ නිසා වුණත් සීක්රට් සැන්ටා නම් තෑගි දෙන්නේ එකම එක්කෙනෙකුට විතරයි.
ඉස්සෙල්ලා මේ සෙල්ලම ගැන කෙටියෙන් කියලා ඉන්නම්කෝ. සාමාන්‍යයෙන් සීක්රට් සැන්ටා කරන්නේ කාර්යාලවල. එහෙම නැත්නම් හොඳම යාළුවෝ කිහිපදෙනෙක් අතර. මුලින්ම සියලුම දෙනාගේ නම් ලියපු තුන්ඩු කෑලි අතරින් හැමෝම අහඹු ලෙස තුන්ඩු කෑල්ලක් ගන්නවා. තමන්ට ලැබුණ නම මොකක්ද කියලා කිසිම කෙනෙක් හෙලි නොකර සිටීම තමයි මේ සෙල්ලමේ ප්‍රධානම කොන්දේසිය. ඉතිං නත්තල් දවසට තමන්ට ලැබුණ තුන්ඩු කැබැල්ලේ හිමිකරුවා වෙනුවෙන් එයාව වඩාත්ම සතුටු කරන්න පුළුවන් ගිෆ්ට් එකක් අරගෙන දෙන එක තමයි මෙතනදි වෙන්නේ. සාමාන්‍යයෙන් තෑගි ඔක්කොම තියන්නේ නත්තල් ගස යට. තමන්ගේ නමට තියෙන ගිෆ්ට් එක අතට ගත්තත් කිසිම කෙනෙක් ඒක තිළිණ කරපු සැන්ටා කවුද කියලා දන්නේ නැහැ. කැමති නම් අනුමාන කරලා හිතාගත්තාට තහනමකුත් නැහැ.
මෙන්න මේ සීක්රට් සැන්ටා සෙල්ලම සාරංගලා දිනක්ෂිලා පුබුදුලා ශලනිලා කට්ටියම එකතුවෙලා කරනවා. අන්තිමට තෑගි ලැබුණාට පස්සේ තම තමන්ගේ සැන්ටා කවුද කියලා ගෙස් කරන අවස්ථාවේ ශලනිට එයාගේ සැන්ටා කවුද කියලා හිතාගන්නවත් බැරිව යනවා. අන්තිමට ශලනි සාරංග පැත්තට හැරිලා ඔයා ද මගේ සැන්ටා කියලා අහනවා. සාරංගට ඒ වෙලාවේ නම් බොරුවක් ගොතා ගන්න බැරිවෙනවා. සාරංග හිනාවෙලා ඔළුව වනනවා. එතකොට ශලනිගේ සතුට ඩබල්වෙලා සාරංගව බදාගන්නවා. අන්තිමේ සාරංගට ශලනිවම සෙට් වුණ නිසා වටේ හිටපු අයත් පුදුම වෙනවා. විශේෂයෙන්ම දිනක්ෂිට හොඳටම හිනා යනවා.
Shalani’s Secret Santa Exclusive from Starfiends.lk