
සාමාන්‍යයෙන් ඉතින් අපි කවුරුත් වැඩිය වැඩකර ගන්න කැමති මිනිස්සු නෙමෙයි නේ. ඒක කාට වුණත් පොදු කාරණාවක්. අපිට විතරක් නෙමේ ඉතින් ඒක ශලනිටත් එහෙමම තමයි. එහෙම කිව්වෙ මොකද, මේ දවස්වල ශලනි සෑහෙන බිසී වෙලාලු ඉන්නේ. මොකද shoot කරන drama වගේම telecast වෙන drama කීපයකම වැඩ මේ දවස් වල සිද්ධ වෙන නිසා. ඒ වගේම හිරු මෙගා ස්ටාර් නිවේදන කටයුතුත් කරන නිසා දැන් එයා සෑහෙන්න බිසී කියලා තමයි කියන්නේ. කොහොමහරි ශලිනි කියන විදියට නම් එයා වැඩිය බිසී වෙන්න කැමති නෑලු. මොකක් හරි එක වැඩක් කරගෙනලු ඉන්න කැමති. කොහොම උනත් ඉතින් එයා පහුගිය මාස තුනක විතර කාලයක් නම් රෙස්ට් එකේ හිටියාලු. ඉතින් කවුරුත් දන්නේ ශලිනි කියන්නේ drama වල filmවල act කරන කෙනෙක් කියලානෙ. එහෙමත් නැත්තං ඉතින් tv, programme වල presenter කෙනෙක් විදියට. හැබැයි ඔන්න දැන් ශලනි අලුත් novel එකකුත් ලියාගෙනලු යන්නෙ. ඒක ලබන අවුරුද්දේ , published කරනවලු. ඒ වගේම තමයි සින්දු දෙකකුත් ලියලා ඒක මේ අවුරුද්දේ අන්තිමේදී වගේ දැකගන්න පුලුවන් වෙයි කියලත් කියනවා. ඒ කතා එහෙම වෙනකොට ඔන්න ඉතින් දැන් ශලනි අලුත් වැඩකුත් පටන් අරන් තියෙනවා. ඒක මෙන්න මේ වගේ වැඩක්.
අපි හැමෝටම ප්‍රශ්න ඇතිවෙනවා කියලා කියන එක ඉතින් සාමාන්‍ය දෙයක්නේ. ඉතින් අපි හැමෝම අපට ප්‍රශ්නයක් ඇති වුණු වෙලාවට කවුරු හරි හොයාගෙන ගිහින් එයාගෙන් පිළිසරණක් පතන්න යනවා. ඔන්න දැං පහුගිය දවස්වල ඉඳලා ශලනිටත් එයාගෙ ෆෑන්ස්ලගෙ ප්‍රශ්නවලට උත්තර දෙන්න සිද්ධ වෙලා තියෙනවා. සමහරු FB එකෙන් ශලනිගේ අහනවාලු
“අක්කේ මට මේ වගේ ප්‍රශ්නයක් සිද්ද වුනා. ඔයා කොහොමද ඒ වගේ ප්‍රශ්නෙකින් ගොඩ ආවේ” කියලා වගේ දේවල්. ඉතිං ශලනිත් තමන්ට පුළු පුළුවන් විදියට හැමෝටම මේවට උත්තර දෙනවලු. ශලනි කරන වැඩෙත් ඉතින් හරියටම කියනවා නම් උපදේශක සේවාවක් වගේ තමයි. තමන් නොකළ වැරදි වලට සමාජයෙන් අපහාස විඳින ගොඩක් අය එයා දැකලා තියෙන වාලු. ඉතින් තමන් අතේ වැරැද්දක් නැත්නම් සමාජයට බයේ හැංගී හැංගී ජීවත් වෙන්න එපා කියල තමයි ශලනි කියන්නේ.