
Shalani Tharaka Exclusive from Starfriends.lk
ඔයාලා මොනවද ශලනි ගැන දන්නෙ කියලා ඇහුවොත් ගොඩක් අය කියයි අපි මොනවද ශලනි ගැන නොදන්නේ කියලා. ඒක තමයි ඉතින් ගොඩක් අයගෙ උත්තරේ වෙන්නෙ. ඒත් ඉතින් බලාගෙන ගියාම දන්න දේකත් නෑ. විස්තර නම් කියලා ඇති ආයෙත් නිකන් කේන්දරේ අතේ තියන් කිව්ව වගේ. කව්රැ කොහොම කිව්වත් අපි කිසිම කෙනෙක් දන්නෙ නෑ ශලනි කියන්නේ කව්ද කියලා එයා සිරස කුමරියට සම්බන්ධ වෙනකම්. අපිට හිතෙන විදියට ශලනිගේ turning point එක වුනේ මෙන්න මේ සිරස කුමරිය තරඟය. එතන ඉඳලා තමයි ශලනි බැට්න් එක අතට අරන් ගේම් එක රන් කරන්න පටන් ගත්තේ. ඒ ගත්ත බැට්න් එක නම් ශලනි මේ වෙනකම් බිමින් තියලා නෑ. බිමින් තියලා නෑ නෙවෙයි බිමින් තියන පාටකුත් නෑ වගේ සීන් එකක් තමයි පේන්නෙ. ඒකත් හරි කියමුකො. ඒක ඉතින් ශලනිගේ talent එක. ඒකට කව්රැවත් හිත් අමනාප කරගන්න ඕන නෑ. (අපි නෙවෙයි field එකේ අය.)
කොහොමින් කොහොම හරි ශලනි ඉස්සෙල්ලාම ටෙලිඩ්‍රාමා එකකට සෙට් වුණේ 2009 අවුරුද්දෙදි. ඒ කියන්නේ අවුරැවලින් ගත්තොත් අවුරුදුම 10ක්. ඒකත් ලේසි නෑ ඉතින්. ශලනිගෙ මුල්ම ටෙලිය තමයි පූජාසනය. මේකෙ ශලනි කරේ සුබා කියන රෝල් එක. ඒක තමයි start එක. එතන ඉඳලා ටෙලිඩ්‍රාමා 40 ටත් වැඩි ගානකට ශලනි සම්බන්ධ වෙලා තියෙනවා. කොහොම වුණත් 2012 තමයි ශලනිගෙ lucky year එක. මොකද 2012දි ටෙලිඩ්‍රාමා 7ක් විතර කරලා තියෙනවා. මේ අතරෙම ෆිල්ම් කීපයකුත් ශලනිට සෙට්වුණා. හරි ඉතින් අපි මෙච්වර වෙලා කතාකරේ ශලනි ගැන ඔයාලා දන්න විස්තර වල විදියට එයා acting වලින් කරපු දේනෙ. ඒක නිසා අපි ශලනිගෙ අලුත් කතාවට බහිමු.
ඔයාලා සමහර වෙලාවට ශලනිගෙ fb accont එක චෙක් කරොත් පෙනෙයි එයාට රඟපාන්න විතරක් නෙවෙයි කවි එහෙම ලියන්නත් පුදුමාකාර හැකියාවක් තියෙනවා නේද කියලා. ඒකත් ඉතින් Art එකේම කෑල්ලක් තමයි. ඒ වුණාට ඒක වෙනම රිදම් එකක්. ශලනි කියන්නේ ෆීල්ඩ් එකේ ඉන්න අනිත් අයත් එක්ක බැලුවාම කියවිල්ල පැත්තක දාලා ලිවිල්ල හොඳට දන්න කෙනෙක්. අන්න ඒ talent එකෙනුත් උපරිම ප්‍රයෝජන ගන්නද කොහෙද ශලනි දැන් ඔන්න අලුත් විදියකින් ආපු වැඩක අලුත් හවුල් කාරියක් වෙලා. එයා දැන් හැම සතිපතාම කතාවක් ලියන්න පටන් අරන් තියෙනවා. හැබැයි ඒක ලියන්නෙ පත්තරේකට නම් නෙවෙයි. Fb page එකකට. ශලනි පෑනෙන් කරන මේ වැඩ ටික ඔයාලට බලාගන්න පුලුවන් වෙන්නේ “ඉතින්” fb page එකෙන්. සමහරැන්ට හිතන්නවත් බැරි වෙයි නේද ශලනි ඒ වගේ වැඩකට අත ගැහුවා කියුවම. හිතන නොහිතන එක කෙසේ වෙතත් බලන්නකො ශලනිගේ වැඩ කොහොමද කියලා.
Shalani Tharaka Exclusive from Starfriends.lk