
Shanudrie Priyasad Exclusive from Starfriends.lk
ප්‍රියසාද් පවුලේ අක්කා නගෝලා තුන්දෙනා පැටලෙන තරමට ඔවුන් නිරත නිතර පේන්න ඉන්නවා. කාලයක්ම හැම දෙයකින්ම ඈත් වෙලා හිටපු ශේෂාද්‍රිත් (Sheshadrie) කලඑලි බැහැලැ ඉන්නවා. මේ තුන්දෙනාම 31 රාත්‍රිය ඉලක්ක කරගෙන නිර්මාණය වූ ජනප්‍රිය රූපවාහිනී වැඩසටහන්වල කැපිලා පේන නිරූපණයන් ඉදිරිපත් කළා. අක්කලා දෙන්නාටම වඩා ජනප්‍රිය වුණ ශනූ (Shanudrie Priyasad) දෙවෙනි ඉනිමෙන් ඉවත් වීමත් එක්ක රංඟනයෙන් තරමක් ඈත් වුණා. කොහොම වුණත් ඒ සිදුවීම නිසා ඇගේ හිත නොරිදුණාම කියලා කියන්නත් බැහැ. ශනූගේ අම්මාත් ඇයගේ දියණියට සිදු වූ අසාධාරණය ගැන මාධ්‍යයට කියලා තිබුණා. ප්‍රියසාද් දියණිවරුන් අත්පත් කරගෙන සිටින ජනප්‍රියත්වයත් එක්ක නිර්මානයක් නැති වීම නම් ඒ හැටි දෙයක් නෙමෙයි. ශනූට නම් ඉතින් වැඩි වයසකුත් නැහැනේ.
ශනූගේ ලොකු අක්කා දිනක්ෂි නම් ශනූ රංඟනයෙන් ඈත් වීම ගැන දුක් වෙනවා. එයාගේ හොඳම කාලේ එහෙම වුණ එක අපරාදේ කියලායි දිනක්ෂි කියන්නේ. ශනූට හොඳ පෙනුමක් වගේම හොඳ හැකියාවකුත් තියෙන නිසා ඇය දිගටම රංඟනයේ රැඳී සිටිය යුතුයි කියලා දිනක්ෂි හිතනවා.
ඇත්තටම ශනූ රංඟන කටයුතුවලින් තරමක් ඈත් වන්නේ ඇයගේ උපාධියේ කටයුතු සම්පූර්ණ කරගන්න අවශ්‍ය නිසාලු ඇයට නිර්මාණ කිහිපයකටම ආරාධනා ලැබුණත් ඇය අධ්‍යාපනයට මුල් තැන දීලා ඒ ආරාධනා ප්‍රතික්ෂේප කරනවා. කොහොම වුණත් ශනූ මේ අවුරුද්දේ අලුත් හීනයක් හැබෑ කරගන්න සූදානම් බවත් අපිට ආරංචියි. ශනූ ට ගීත ගායනයේ යම් හැකියාවක් තියෙනවා. ඇය දැනටමත් දෙස් විදෙස් සංගීත ප්‍රසංගවලට සහභාගී වෙනවා. මේ හැකියාවට වටිනාකමක් පිරිනමමින් ශනූ තමන්ගේම කියලා ගීත දෙකක් ගායනා කරන්න් සූදානමින් ඉන්නවා. පසන් ලියනගේ එක්ක එකතුවෙලා කරන මේ අලුත්ම නිර්මාණ කටයුත්ත ඔයාලට ළඟදීම බලාගන්න පුළුවන්. හැබැයි මේ ගීත දෙකට මියුසික් වීඩියෝ දෙකක් නිර්මාණය කරන්න නම් තව ටික දවසක් ගතවෙයි.
ශනූ රංඟනයට වගේම ගායනයටත් නර්තනයටත් එක වගේ දක්ෂයි කියලා පෙන්වන්න මේක හොඳ අවස්ථාවක්. රියැලිටි වේදිකාවේ දී ඇගේ නර්තන හැකියාවත් ඔයාලට දැක බලාගන්න ලැබුණානේ. අපි ශනූගේ අලුත් කටයුත්තට සුබ ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඇය වඩාත්ම දක්ෂ රංඟනයට පුළුවන් ඉක්මනින්ම එකතුවෙන්න කියලත් ඉල්ලා සිටිනවා.
Shanudrie Priyasad Exclusive from Starfriends.lk