
මේක සිද්ධවෙන්නේ උත්සව අවස්ථාවකදී. ශනුද්‍රිට දෙවෙනි ඉනිම නිසා සෑහෙන විශාල රසික ආකර්ශනයක් ලැබෙනවනේ. මේක ඒ දේවල් එක්ක ඇතිවුණ ආදරයක් වෙන්න ඕනේ. කොහොම වුණත් සෙනග ගැවසෙන තැනක තමන් ආදරය කරන කෙනාට කිසිම බයක් සැකක් නැතිව අයි ලව් යූ කියන්න පුළුවන් කියන්නෙ ඔහු රියල්ම පෙම්වතෙක් වෙන්න ඕනේ.
ශනුද්‍රි ඒ අපූරු අවස්ථාවට කොයි තරම් ආස වුණාද කියනවා නම් ආදරය ප්‍රකාශ කරපු අවස්ථාව වීඩියෝ කරලා ඉන්ස්ට්‍රග්‍රෑම් ගිණුමටත් එකතු කරනව. මේ කියන කොල්ලා නම් හරිම ස්වීට්. හරිම හුරතල්. ඒ වගේම හරීම ලස්සනයි. ඇයි ඔයා මට ආදරේ කරන්නෙ කියලා ශනූ ඇහුවම ඒ හුරතල් කොලු පැටියා ලැජ්ජාවෙන් ඇඹරිලා කියන්නෙ ඔයා ක්‍යුට් නිසා කියලා. ඉතිං මටනම් ශනූටත් වඩා ඒ ප්‍රේමවන්තයා හරීම ක්‍යුට්.
දන්නවද? අවුරුදු හතරක විතර හරිම හුරතල් කොලු පැටියෙක් තමයි මේ විදියට ශනූට අයි ලව් යූ කියලා කියන්නේ. ශනූ නම් කියන්නේ මේ චූටි කොල්ලාව ගෙදර ගෙනියන්න තිබුණා නම් … කියලා.
මේ වගේ සුන්දර ප්‍රතිචාරත් ජනප්‍රිය කලාකරුවන්ට ලැබෙනවනේ. ඒවා තමයි ඔවුන් උපයන ධනය සහ සතුට. අපිට හිතුනෙ එහෙමයි.