Daily News
Trending

වෝටර් ෆිල්ම් එකේ චූටි කෙල්ල සරලාටත් මංඟල සීනු හැඬවෙයි.




දීපා මෙහෙතාගේ සම්මානනීය සිනමා කෘතිය ඔයාලට මතක ඇති. කඩවසම් බොලිවුඩ් නළු ජෝන් ඒබ්‍රහම් සමඟ මේ සිනමා පටයට සරලා කාරියවසම් ද එකතු වුණා. ඇය සිනමාවට අත්පොත් තබන්නේ ඒ විදියට. වෝටර් තිරගත වන්නේ 2005දී. සරලා කාරියවසම් එතකොට කුඩා දැරියක්. මේ චූටි නිළිය රතු පළස දිගේ ගිගින් සම්මානයකුත් ගන්නවා. ඊටත් පස්සේ සරලා ජනප්‍රිය කලාවේ අතරමං නොවී අධ්‍යාපන කටයුතුවලට යොමු වෙනවා.

සරලා කාගෙත් අවදානය දිනාගෙන ආයෙත් කරලියට එන්නේ හරිම සුන්දර මනාලියක් වෙලා. ඇයගේ අත ගන්නේ දක්ෂ නළුවෙක්. හැබැයි නිතර දෙවේලේ රූප පෙට්ටියෙන් පේන මූණක් නම් නෙමෙයි. ඔහු එරංග ජීවන්ත. සරලා සහ එරංගගේ විවාහ මංගල්‍යයට නළුනිළියන් විශාල පිරිසක් සහභාගී වෙලා තිබුණා. වැඩි සද්ද බද්ද නැතිව අරගෙන තිබුණ මේ විවාහ උත්සවයෙදී සරලා ඉතාම චාම් මනාලියක් ලෙස තමයි සැරසී සිටියේ. ඒ වගේම පෝරුවත් සෙටි බැක් එකත් ස්වභාවික පරිසරය එක්ක හරිම ලස්සනට ගලපලා තිබුණා.

වෝටර් ෆිල්ම් එකේ පුංචි චුයියා විවාහ දිනයෙත් ඒ සුන්දරත්වය එහෙම්මම තියාගෙන එරංග එක්ක අලුත් ගමනක් පටන් ගත්තා. අපි ඒ ගමනට ඇයට උණුසුම් සුබපැතුම් එකතු කරනවා.

Tags
Show More
Close