Daily News
Trending

විශ්වගේ වයිෆ් තේ දළු කඩන්න යන්න තීරණය කරලා…?




විශ්ව කොඩිකාර ගැන ඔයාලා දන්නවනේ. ඔහු මේ දවස්වල ටෙලි නිර්මාණ කිහිපයකින්ම ඔයාලා හමුවට ආවා. ඉතිං විශ්වට යහමින් නිර්මාණ එහෙමත් ලැබෙද්දී විශ්වගේ වයිෆ් දළු කඩන්න යන්න තීරණය කළේ ඇයි? මේවා ඉතිං දැවෙන ප්‍රශ්න තමයි.

විශ්ව, තේ දළු නෙළන කාන්තාවක විදියට සැරසුන තමන්ගේ දයාබර බිරියගේ ඡායාරූපයක් ” When my wife decides to pluck tea” කියන කැප්ෂන් එකත් එක්ක ෆේස්බුක් පිටුවට පළ කරනවා. බැලූ බැල්මට නම් කියාපු තේ දළු නෙලන්නියක් තමයි. පහුගිය සති අන්තයක පවුලේ චාරිකාවක් ගියපු විශ්ව මේ ඡායාරූපය ගන්න ඇත්තේ ඒ අවස්ථාවකදී වෙන්න ඕනෙ.

ඡායාරූපයට කමෙන්ට් කරපු සමහරුන් නම් කියලා තිබුණේ තේ දල්ල කරටිය පිටින්ම කඩන්නේ නැහැ කියලා. කවුද ඉතිං දළු කඩන කලාව දන්නේ. ඒක වෙනම අධ්‍යයනය කළ යුතු දෙයක්නේ.

විශ්වගේ පවුලේ ඉන්න පුංචිම සමාජිකයෝ දෙන්නා නම් දැන් තරමක් ලොකුයි. ඒ වගේම දඟයි. මේ හැමෝම එක්ක සති අන්තය විනෝදයෙන් ගත කරපු හැටිත් විශ්ව ෆේස්බුක් පිටුවට එකතු කරලා තිබුණා.

Tags
Show More
Close