
කවුද දෙයියනේ හිතුවේ මෙහෙම දෙයක් වෙයි කියලා. එහෙ බලලා මෙහෙ බලද්දී අගමැති මාරු වෙලා. සිකුරාදා හවස ඉඳලම ලංකාවේ දේශපාලනේ පුදුම උණුසුමක් තියෙන්නේ. ගේම් නම් ගේම්. ඩීල් නම් ඩීල්. ලංකාවේ දේශපාලනේ ඕල්වේස් ෆුල් හැපනින්.
ඔන්න ඉතින් ආයෙත් වතාවක් ඉතිහාසයේ වැඩිම ජන ආකර්ශනය තියෙන දේශපාලනඥයා අගමැති ධුරයට පත් වුණා. එහෙම කිව්වේ අතිශයෝක්තියකට නෙමෙයි. තනි පුද්ගලයෙක් විදියට ගත්තම මෑත දේශපාලන ඉතිහාසයේ මහින්ද රාජපක්ෂ තරම් ජනතා ආකර්ශනයක් දිනාගත්ත නායකයෙක් පහළ වුණේ නැහැ. එතුමන් යුද ජයග්‍රහණයට නායකත්වය දීමත් ඒකට හේතුවක් වුණා.
දැන් මේ නොහිතපු වෙලාවේ සිද්ධවුණ බල පෙරලියෙන් පසු අභිනව අග්‍රාමාත්‍ය ධුරයට පත්වූ මහින්ද රාජපක්ෂ මහත්මයා වෙනුවෙන් සුබපැතුම් පණිවුඩයක් එක් කරන්න විශ්ව කොඩිකාරත් එකතු වෙනවා. ඒ විශ්වගේ ෆේස්බුක් ගිණුමෙන්. නිකන්ම නෙමෙයි මහින්ද රාජපක්ෂ මහත්මයාගේ පින්තූරයකුත් එක්ක තමයි විශ්ව තමන්ගේ සුබපැතුම එකතු කරලා තිබුණේ.