
ඉස්සර අමිල අබේසේකර කියන්නෙ විශ්වගේ ස්ටාර් කෙනෙක්. විශ්වට දවසක් අමිලව මුණගැහෙනවා. ඒ විශ්ව තාත්තගෙන් කරපු ඉල්ලීමක් නිසා. අධ්යක්ෂවරයෙක් වෙච්ච විශ්වගේ තාත්තා අවුරුදු උත්සවයකට තමයි ඒ අනුව අමිලව ගෙන්වන්නෙ. එදා විශ්වයි අමිලයි වාහනේ එකම ළඟ වාඩිවෙලා යනවා. එදා ඒ හමුවීම හොඳම මිතුරන් දක්වා දුරදිග ගියා. දැන් විශ්ව සහ අමිල කියන්නෙ කිට්ටුම යාළුවො. විශ්ව කියන විදියට අමිල අබේසේකර කියන්නෙ ආඩම්බරකාරයෙක් එහෙම නෙමෙයි. ඒ දෙන්නා හුඟක්ම හිතවත් වෙන්නෙ ධනංජය සිරිවර්ධනගේ විවාහ මංගල්යයෙදි. අමිල ටිකක් කේන්ති කාරයෙක්. හැබැයි විශ්ව නම් කියන්නෙ අමිලට එහෙම ආවාට ගියාට කේන්ති යන්නෙ නැහැ කියලා. කේන්ති යනවනම් ඒ ඇත්තමට අසාධාරණයකදිලු. අමිල විනෝද වෙන්න ගියාමත් ඒකෙ සීමාවක් නැහැ කියලා විශ්ව කියනවා. ගමන් බිමන් යන්න අමිල හරි කැමතියි. ඉතිං අමිලගෙ පවුලයි විශ්වගෙ පවුලයි එහෙම ගමන් බිමන් එහෙමත් යනවලු. අමිල වගේ කෙනෙක් ඇසුරු කරන්න ලැබුණෙ විශ්වගෙ පිනකටලු. විශ්ව කියන්නෙ අමිල කියන්නෙ එයාගෙ ජීවිතයට ලැබුණ හොඳම හොඳ සහෝදරයෙක් කියලා.