
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ ජීවිත කතාව අලලා සිනමා පටයක් නිර්මාණය වන බවට රාවයක් පැතිර ගියේ පසුගිය වසරේදී. නමුත් ඒ සම්බන්ධ වැඩිදුර තොරතුරු වාර්තා වුණේ නැහැ.
කොහොම වුණත් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ චරිතාපදාන චිත්‍රපටයේ නිර්මාණ කටයුතු මේ වනවිට ලහිලහියේ ආරම්භ වී ඇති බව දැනගන්න ලැබෙනවා.
මෙහි මෝදිගේ චරිතය නිරූපණයට තෝරා ගෙන ඇත්තේ බොලිවුඩ් නළු විවේක් ඔබරෝයි බව දැනටමත් හැමෝම දන්නවා.
චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනු ඇත්තේ මේරි කම් හි අධ්‍යක්ෂවරයා වන ඔමුන්ග් කුමාර් බවත් දැනගන්න ලැබෙනවා. විවේක් ඔබරෝයි සහ ඔමුන්ග් කුමාර් සිනමා නිර්මාණයකට මෙලෙස එක් වන්නේ පළමු වතාවට
විවේක් ඔබරෝයිගේ අවසන් චිත්‍රපටය වූයේ 2017 වසරේ තිරගත කෙරුණු ‘බෑංක් චෝර්’ චිත්‍රපටය බවත් කියන්න ඕනේ. ඔහුට පිළිකා රෝගී තත්තවයක් වළඳී ඇති බවටත් පසුගිය දවස්වල කටකතා පැතිරුණා. මෝදි චරිතය නිරූපණය කිරීමට අවස්ථාව ලැබීම විවේක්ගේ සිනමා දිවියේ ස්වර්ණමය අවස්ථාවක් වනු ඇති බවට විචාරකයන් දැනටමත් මත පළ කරනවා.