Daily News
Trending

විවාහ වෙලා අවුරුද්දක් වුණා. තවම මට ආදරය තේරුම් ගන්න බැහැ.- කාවිංග පෙරේරා

Kavinga Perera




Kavinga PereraStarfriends.lk

කාවිංග පෙරේරා විවාහ වුණේ සනායා කියන වෛද්‍යවරිය සමඟ. ඔවුන්ගේ විවාහ ජීවිතයට වසරක් සම්පූර්ණ වුණේ මෑතකදී. මේ දවස්වල සුපුරුදු විධියට රූගත කිරීම් සහ වැඩසහන්වලට සම්බන්ධ වීමෙන් කාවිංගගේ දවස ගතවෙනවා. ඔහු නිවේදන කලාව ඔස්සේ තව දුරක් යාමට අපේක්ෂා කරන බවත් දැනගන්න ලැබෙනවා.

කාවිංග කියන්නේ තිරයේ පෙම්වතානේ. සැබෑ ජීවිතයේ දීත් ඇය හොඳ පෙම්වතෙක්. ආදරණීය සැමියෙක්. හැබැයි කාවිංග නම් කියන්නේ ආදරය කියලා කියන්නේ කිසිම කෙනෙක්ට තේරුම් ගන්න බැරි දෙයක් කියලා. නමුත් හැමෝම ආදරය තේරුම් ගන්න උත්සාහ කරමින් සිටින බවත් කාවිංග කියනවා.

කාවිංග සහ සනායා විවාහ වන්නේ පසුගිය වසරේ ජනවාරි 8 වැනිදාවක. විවාහයෙන් වසරක් ගෙවුණත් කාවිංගට තවම ආදරය කියන්නේ මොකක්ද කියලා හොයාගන්න බැරිවෙලා තියෙනවා. ඉතින් කාවිංග තවමත් උත්සාහ ගන්නේ ආදරය තේරුම් ගන්නලු.

කාවිංග කියන්නේ දේශපාලන පසුබිමක හැදුණ වැඩුණ කෙනෙක්. නමුත් මේ වනතුරු කාවිංග දේශපාලනයට සම්බන්ධ වෙන්න නම් හිතලාවත් නැහැ. මිනිස්සු බොරුවට කෑගහන මිනිස්සුන්වම පත් කරගෙන ඊට පස්සේ කෑවෝ කෑවෝ කියලා විඳවනවාලු. මේ වගේ වාතාවරණයක් තියෙද්දී දේශපාලනය කරන්න මේක සුදුසු කාලයක් නොවන බව කාවිංග කියනවා.

මෑතකදි දවසක කාවිංග එයාගේ ඉන්සටර් ග්‍රෑම් ගිණුමට ජීවිතය ගැන ගැඹුරු අදහසක් කියවෙන අදහසක් එකතු කරලා තිබුණා. රංඟනයේදී අපට මුණගැසෙන සරල පෙම්වතාගෙන් මිදුණ හොඳ අවබෝධයක් සහිත තරුණයෙක් කාවිංග තුළ සිටින බව ඔහු විටින් විට පළකරන ඒ වැනි අදහස්වලින් ප්‍රත්‍යක්ෂ වෙනවා. (පිණිපලස)

Kavinga PereraStarfriends.lk

Tags
Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close