
Chulakshi Ranatunga Exclusive from Starfiends.lk
Number one නිරූපිකාවක්, ජාත්‍යන්තරයට ගිය බාස්කට් බෝල් ශූරියක්, රූ රැජණක්, සිනමා නිළියක්, මේ අපි කියන්නේ ඔයාලා හැමෝම නම කිව්ව සැනින් දන්න චූලක්ෂි ගැන. චූලක්ෂි (Chulakshi) සිනමා නිළියක් ලෙස රසික ජනතාව අතරට ආවේ දේදුණු ආකාසේ (Dedunu Akase) සිනමාපටයෙන්. විශේෂයෙන්ම ඇය වටා රසික රසිකාවන් විශාල පිරිසක් එකතු වන්නේ ඊට පස්සේ.
චූලක්ෂිගේ ජීවිතේ වඩාත් ගරු කරන ආදරය කරන කෙනෙක් ඉන්නවා. ඒ කොයිතරම් ද කියනවා නම් චූලක්ෂි කවදා හරි විවාහ වුණොත් ඒ කෙනා වගේ වෙයිලු. එයාව අනුකරණය කරයිලු. මේ තරමටම චූලක්ෂිගේ හිත ගත්ත පුද්ගලයා කවුරු වෙන්න පුළුවන්ද?
ඇයත් බාස්කට් බෝල් ක්‍රීඩිකාවක්මයි. නමින් මධුෂා අමරසිංහ (Madusha Amarasinghe). චූලක්ෂිට මධූෂාව මුණගැහෙන්නේ පාසැල් කාලයේදී. ඒ කාලේ චූලක්ෂිත් හොඳ බාස්කට් බෝල් ක්‍රීඩිකාවක්නේ. ඒත් චූලක්ෂි සහ මධුෂා ඉතාම සමීප මිතුරියන් බවට පත් වන්නේ කාලයක් ගතවුණාට පස්සේ. කොහොමින් කොහොම හරි මේ වෙද්දි චූලක්ෂිට මධූෂා අක්කා ගැන තියෙන්නේ පුදුමාකාර ගෞරවයක්. විශේෂයෙන්ම චූලක්ෂි විවාහ ජීවිතය සම්බන්ධයෙන් ආදර්ශයක් විදියට ගන්නේ මේ කියන මධූෂා අක්කාව. ජීවිතය කලමනාකරණය කරගන්න ඇයට තිබුණ දක්ෂතාව ගැනත් චූලක්ෂි පුදුම වෙනවා.
ඒ වගේ යාළුවෙක් සමීපතමයෙක් වීමත් එක අතකට වාසනාවක්. අනෙක් අතට මෙහෙම කියන්න නම් චූලක්ෂි කොයිතරම් නිහතමානී වෙන්න ඕනෙද කියලත් හිතෙනවා. මධූෂා අක්කා චූලක්ෂිට නිතරම දෙන උපදේශයක් තියෙනවා. ඒ තමයි තමන් කරන වැඩේ හරියට කරන්න කියන එක සහ පටන්ගත්ත වැඩක් අතරමග නතර කරන්න එපා කියන එක. අපි හැමදෙයක්ම ලබා ගන්නේ හුඟක් මහන්සි වෙලා. කැපකිරීම් කරලා. බොහෝ දුෂ්කරතා මැද ඒ ලබාගත්ත දේවල් රැකගන්න කියලත් චූලක්ෂිට කියන්නේ මේ අපූරු යාළුවා.
කොහොම වුණත් තවම නම් චූලක්ෂි ඇයව අනුගමනය කරන්න පටන්ගෙන නැහැ. ඒත් කවදා හරි පවුල් ජීවිතයක් ගත කරන කාලෙක නම් චූලක්ෂි ඇයව අනුකරණය කරාවිලු. ඒ තරමටම චූලක්ෂිට මධූෂා අක්කා ගැන තියෙන්නේ පැහැදීමක්. සහ ගෞරවයක්. අපි හැමෝගෙම ජීවිතවලත් ඒ වගේ එක යාළුවෙක් හිටියා නම් කොයිතරම් හොඳයිද නේද?












Chulakshi Ranatunga Exclusive from Starfiends.lk