
ලංකාවේ නම්බර් වන් මොඩ්ලර්ස්ලා අතර අමන්දා කියන්නේ ඉදිරියෙන්ම ඉන්න කෙනෙක්. ඇය නිරූපිකාවක් විදියට ක්ෂේත්‍රයට පය තබන්නේ මීට වසර දහයකට පමණ ඉහතදී. ඒ දවස්වල නම් ඉතින් එන එන හැම වැඩක්ම පිස්සුවෙන් වගේ භාරගත්තත් දැන් නම් අමන්දාට එහෙම ආසාවක් නැහැලු. ක්ෂේත්‍රයේ කාලයක් හිටියාම එහෙම තමයිනේ ඉතින්.
අමන්දා විවාහ වෙලා දැන් ටික දවසක් වෙනවා. ඒත් තවම අමන්දාට දැනෙන්නේ ට්‍රිප් එකක් ආවා වගේ හැඟීමක්ලු. මේ දවස්වල නම් මේ දෙන්නාම ඉන්නේ විදෙස්ගතවෙලා.
කොහොම වුණත් තවමත් අමන්දාගේ සියලු කටයුතුවලට සැමියාගේ පවුලේ උදවියගෙන් උදව් උපකාර ලැබෙනවාලූ. තමන්ගේ ස්වාමිපුරුෂයාව වගේම ඔහුගේ පවුලේ අයවත් ආදරයෙන් බලාගන්නවා කියන අදහස අමන්දාගේ හිතේ තියෙනවා. ඒත් ඉතින් ඒකට තවම නම් ඉඩක් ලැබිලා නෑ. හැමදේම හොයලා බලලා කරන්නේ ඒ පවුල් දෙකේ උදවියොලුනේ.
නිරූපිකාවක් වුණාට මොකද අමන්දාට රසට උයන්න පිහන්න පුළුවන්. දිමුතුගේ අම්මා අමන්දා උයන කෑම කන්න හරිම කැමතියි.
තමන්ගේ පුතා නිරූපිකාවක් විවාහ කරගත්තා කියන එක ඒ අම්මාට නම් ප්‍රශ්නයක් නෙමෙයි. කොටින්ම අමන්දා කොටට අඳින එකවත් දිමුතුට හෝ ඔහුගේ පවුලේ අයට ගැටලුවක් නෙමෙයිලු. එහෙම තමයි සමාජය ගැන හොඳ අවබෝධයක් තියෙන දෙමාපියනගේ හැටි. හැමදේම තේරුම්ගන්න පුළුවන් වෙන්න ඕනේ.
අමන්දාගේ තාත්තා නම් අමන්දා කොටට අඳිනවාට කැමැති වෙලා නැහැ. මොකද කවදා හරි ඇය විවාහවන කෙනා ඒකට අකමැති වෙයි කියලා හිතලා. කොහොම හරි අන්තිමට අමන්දාට ගැලපෙනම පවුලක් ලැබෙනවා. ඇය ඒ නිසා ඉන්නෙ හරිම සතුටෙන්. ඒ සතුට හැමදාම පවතීවා කියලා තමයි ඇය දෙවියන්ගෙන් ඉල්ලන්නේ.