
සෝනම් කපූර්ගේ විවාහයෙන් පස්සේ ඉන්දියානූ රසිකයින් විතරක් නෙමෙයි ලෝකයේම රසිකයින් පුන පුනා බලන් හිටපු විවාහයක් තිබුණා. ඒ තමයි ලෝ පුරා රසිකයින් ආදරය කරන දීපිකා පදුකෝන්ගේත් රන්වීර් සිංගෙත් විවාහය. මේ වසරේ නොවැම්බර් මාසේ දහඅට වෙනිදා තමයි මේ විවාහයට දින දාගෙන තිබුණේ
මේ වෙන කොට බොලිවුඩ් මාධ්‍ය වාර්තා කරන ආකාරයට මේ දෙන්නගේ විවාහය මාස කිහිපයකට කල් දාල කියලා තමයි කියන්නේ.කොහොම උනත් මේ විවාහයට දීපිකාත් රන්වීරුත් සූදානම් වෙනවා දකින්න ලැබුණා. දීපිකා ඇගේ මවත් නැගණියත් සමඟ සාප්පු සවාරි පවා ගියා. ඒ වගේම මාස කිහිපයකට මේ දෙන්නගේ රාජකාරී පවා කල් දාලා තිබුනා මේ විවාහය නිසා. මොන හේතුවක් නිසා මේ විවාහය කල් දැම්මද කියලා තවම හෙළි වෙලා නැහැ.
අනුශ්කගෙත් විරාත්ගෙත් විවාහය ගනිපු ඉතාලියානු ලේක් කොමෝහිදී තමයි මේ දෙන්නගේ විවාහ චාරිත්‍ර ගන්න තීරණය කරලා තිබුණේ. කොහොම උනත් දීපිකාට ආදරය කළ අය බලන් හිටියේ සැබෑ ජීවිතේ ඇය මනාලියක් වෙනකම්. ඒකට නම් ඉතින් තව ටික කාලයක් බලන් ඉන්න වෙයි කියලා තමයි දැන් කියන්න වෙන්නේ. හැබැයි මේ ගැන දීපීකාටනම් ගානක්වත් නෑ කියලා හිතුනේ පසුගියදා කරන් ජොහාර්,ශාරුක්,රන්වීර්,ආලියා,අමිර් සමග බොහෝම සතුටු සාමීචියේ ඉන්න ජයාරූපයක් පළ වීමත් සමඟයි.