Daily News
Trending

විවාහයේ උණුසුම යන්නත් කලින් තිසුරි කණාමැදිරියෝ එක්ක ස්වාධීන රූපවාහිනියට.




තිසුරි බැඳලා සතියක් යන්න වුණෙත් නෑ ඔන්න “කණාමැදිරියෝ” කියලා නාට්‍යයකින් ඔයාල හමුවෙන්න එනවා.
මේ ටෙලිනාට්‍යය රචනා කරන්නෙ චාමර ප්‍රසන්න කොඩිතුවක්කු. අධ්‍යක්ෂණය කරන්නෙ ලිලන්ත කුමාරසිරි. ස්වාධීන රූපවාහිනිය වෙනුවෙන් කණාමැදිරියෝ නිෂ්පාදනය කරන්නෙ හරි ක්‍රියේෂන් විසින්.
“එලිය ළඟ තියන් එලිය හොයයි” කණාමැදිරියෝ. මේක තමයි ටෙලිනාටයේ තේමා පාඨය. අධ්‍යක්ෂවරයා කියන විදියට නම් ටිකක් වෙනස් වැඩක්. කතාංග 100ක් දක්වා ගමන් කරනවා කියලත් දැනගන්න ලැබුණා.

පිටපත කියෙව්වම ආස හිතුනා කියලා තමයි මෙහි ප්‍රධාන භූමිකාවක් රඟ දක්වන සජිත් ඇන්තනී නම් කියන්නෙ. තිසුරිටත් පිටපතට ආස හිතුනලු.

” දැන් කැරපොත්තො හිරිකිත නැද්ද? අපෝ හිරිකිතයි. හැබැයි මං උන්ට බය නෑ”

ඒ කණාමැදිරියෝ නාට්‍යයෙ සජිත් සහ තිසුරි අතර හුවමාරුවන දෙබසක්.

අගෝස්තු පළමුවැනිදා ඉඳලා සතියේ දිනවල රෑ 8.30ට කණාමැදිරියෝ නරඹන්න ඔයාලට පුළුවනි. ඒ ස්වාධීන රූපවාහිනිය පැත්තෙ ආවොත් තමයි.

Tags
Show More
Close