GossipsHollywood & Bollywood
Trending

විවාහයට කලින් දීපිකා සහ රන්වීර් රස්තියාදුවේ.




බොලිවුඩයේ මල් හතට ගන්න ඉන්න විවාහ මංගල්‍යයක් තමයි දීපිකා පදුකෝන් සහ රන්වීර් සිං ගේ විවාහ මංගල්‍යය. මේ දිහා දෙස් විදෙස් බොහෝ දෙනා නොඉවසිල්ලෙන් බලාගෙන ඉන්නවා.

කොහොම හරි මේ දැවැන්ත විවාහ මංගල්‍යය මේ අවුරුද්දෙ නොවැම්බර් මාසේ ගන්න ඉන්නවා කියලා තමයි ප්‍රසිද්ධ කරලා තියෙන්නෙ.

ඒ දේවල් ඒ විදියට සංවිධානය වෙද්දි දීපිකා රන්වීර් එක්ක ලෝකෙ වටේ රස්තියාදු ගහන්න පටන් අරගෙන. පහුගිය සති අන්තයක මේ දෙන්නා ඉඳලා තියෙන්නෙ ඉතාලියේ. ඊට පස්සෙ දෙන්නත් එක්කම ඇමරිකාවට එනවා. මේ දෙන්නා මෙහෙම ලෝකෙ වටේ සංචාරය කරන අතරතුරේදි ගත්ත ඡායාරූප වගයක් ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමටත් එකතු කරලා තිබුණා. රන්වීර් එයාගෙ ඡායාරූප උඩින් පුංචි සටහනකුත් එකතු කරනවා. ඒකෙ තියෙන්නෙ ” ඒකාකාරී ජීවිතයකට යොමු වීමට පෙර කෙටි නිදහසක්” කියලා. විවාහ වුණාට පස්සෙ දීපිකා රන්වීර්ගෙ නිදහස අහුරවයි වගේ. කොහොමත් කලින් වගේ නිදහසේ ඉන්නත් බැරි වෙනවනෙ.

ඇමරිකාවෙන් මේ දෙන්නා ඊගාවට යන්න හිතාගෙන ඉන්නේ ප්‍රංශයට, ස්විස්ටර්ලන්තයට සහ යුරෝපා රටවල් කීපයකට. මේ දවස්වල දෙන්නා රංඟන කටයුතු එහෙමත් භාරගන්නෙ නැතිව නිදහස උපරිමයෙන් භුක්ති විඳින බව පේනවා.

Tags
Show More
Close