
රූ රැජිණ කිරුළ සමඟ කලා ලෝකෙට ආපූ කෙනෙක් තමයි විනූ සිරිවර්ධන කියන්නේ. මේ කිරුළ දිනා ගැනීමත් සමඟම නිරූපණ ක්ෂේත්‍රයේ වගේම රංඟන ක්ෂේත්‍රයේත් දොරගුළු අරින්නටත් විනූට පුළුවන් වුණා. නිරන්තරයෙන් රූපවාහිනියේ හිටපු විනූ පසුගිය කාලයේ වැඩිය පේන්න හිටියේ නැහැ.
විනූ දැන් රංඟන කටයුතු වලට සම්බන්ධ වෙන්නේ තෝරා බේර ගෙනලු. ඒකලු වැඩිය පේන්න නැත්තේ. ඒ වගේම විනූ ඇගේම ඇදුම් නිර්මාණ කටයුත්තක් පටන් ගෙනලු තියෙන්නේ. වැඩි අවධානයක් යොමු කරලා ඉන්නේ ඒකටලු මේ දවස්වල. තනිකඩව ඉන්න විනූට තවමත් ආදර යෝජනා එනවද කියලා අහපු වෙලාවක සමහරුන්ගේ හිත රිදෙන උත්තරයක් දීලා තිබුණා. දැන් විනූ ආදර යෝජනා භාර ගන්න එක අවලංගු කරලලු තියෙන්නේ. මොකද මේ වෙනකොට විනූ ප්‍රේමවන්තියක්. ඔහු ඉන්නේ විදේශ රටකලු.
විනූගේ තාත්තගේ හොඳම යාළුවෙක්ගේ පුතෙක් තමයි විනූගේ ප්‍රේමවන්තයා. තාත්තලා දෙන්නගේ යාළුකම නිසා තමයි මෙ දෙන්නා මුණ ගැහිලා තියෙන්නේ. මේ වසරේදී නම් විවාහ වෙන්න අදහසක් නෑලු. මේ වසරත් ඉදලම විවාහ වෙනවා කියලා තමයි විනූ කියලා තිබුණේ.