Daily News
Trending

විනූට මනුස්සකම් උගන්නලා එයා මෙලොව හැර ගිහින්.

Vinu Udani Siriwardhana




Vinu Siriwardhana Exclusive from Starfiends.lk

මනුස්සකම් වියැකිලා ගියපු වෙලාවක මනුස්සකම් උගන්වපු ආදරණීය බල්ලෙක් ගැන පුවතක් විනූ උදානි සිරිවර්ධන (Vinu Udani Siriwardhana) අපට කිව්වා.

හරිම කාර්යබහුල නිළියක් වුණත් විනූ සමාජ සංසිද්ධීන්වලට සංවේදීයි. ළඟදි දවසක විනූ එක්ක ආදරය බෙදාගත්ත ආදරණීය සමාජිකයෙක් විනූගෙන් සමුගන්නවා. ඒ සමුගැනීම නැවත මුණගැහෙන සමුගැනීමක් නෙමෙයි. සතුටුදායක සමුගැනීමකුත් නෙමෙයි. ඒක විනූට දරාගන්න බැරි වේදනාවක් ඉතිරි කරලා සිදුවුණ සමුගැනීමක්.

Vinu Siriwardhana

විනූ ආදරයෙන් සුරතල් කරපු බලු සුරතලා බ්‍රවුනි තමයි මේ විදියට විනූගෙන් සමුගෙන තිබුණේ. සුරතලාගේ හදිසි වියෝව නිසා විනූ සමාජජාලයට ඡායාරූපයක් එක්ක පෝස්ට් එකක් පළකරනවා. ඒ පෝස්ට් එකට අනුව බ්‍රවුනි වැනි සුරතලයට ඇතිකරන සතුන් මිනිස්සුන්ටත් වඩා ඉහළින් මනුස්ස ගුණධර්ම හඳුනනවා. විනූගේ බ්‍රවුනිත් ඒ වගේ බල්ලෙක්. විනූ බ්‍රවුනි එක්ක සිටින ඡායාරූප ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමට එකතු කරලා තිබුණා. ඒ ඡායාරූපවල හැටියට නම් බ්‍රවුනි සහ විනූ අතර දැඩි බැඳීමක් තිබිලා තියෙනවා.

නළු නිළියන් බල්ලන් පූසන් වැනි සුරතල් සතුන් සම්බන්ධයෙන් දක්වන ප්‍රේමය පිළිබඳව අපට සැනසෙන්න පුළුවන්. මෑතකදී පියුමි බොතේජුගේ බල්ලකු මියයෑම නිසා ඇය බොහෝ සෙයින් කම්මපනය වී තිබුණා. මියගිය බල්ලාට පියුමි දානෙකුත් දුන්නා. සමහර වෙලාවට මේ බලු සුරතල් කිරීම් ජනප්‍රිය ජීවිතවල දක්නට ලැබෙන ෆැෂන් එකක්. ඒත් එහෙම නැතිව ඇත්තටම තමන්ගේ සුරතලාට ආදරය කරන, උන්ගේ නිදහසට ගරු කරන විනූ වැනි අයත් අප අතර නැතිවා නෙමෙයි.

Vinu Siriwardhana Exclusive from Starfiends.lk

Tags
Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close