
අනුරුද්ධ ජයසිංහගේ ගින්නෙන් උපන් සීතල චිත‍්‍රපටයේ කතානායක කමල් අද්දරආරච්චි. මේ වනවිට කමල් ගේ රංගනය ඔස්කාර් දක්වා ගිහිං. ඔහු රගදක්වන්න භාරගන්නෙ ලේසි පහසු චරිතයක් නෙමෙයි. ලංකාවේ දේශපාලනයෙදි අපට මුණගැසෙන දේශපාලන නායකයින් අතර ඔහු සුවිශේෂයි. මේ රටේ සමාජවාදී පාලන ක‍්‍රමයක් ගොඩනැගීම අරමුණු කරගෙන සිදු කළ සමාජවාදී විප්ලවයට නායත්වය දුන් රෝහණ විජේවීර සහෝදරයාගේ චරිතය තමයි ඔහුට පැවරෙන්නේ.
මේ වගකීම අනුරුද්ධ ජයසිංහ කමල්ට භාර දෙන්නේ ස්ක‍්‍රිප්ට් එකක් වත් නැතිව. ඒ වුණාට කමල් ඒ කියන පරක්කුවට වැඩේ භාරගන්නේ නැහැ. මොකද කමල් දන්නවා විජේවීර කියන්නේ මේ රටේ එක්තරා විදියක ප‍්‍රතිරූපයක් කියලා. ඒ නිසා විජේවීර වෙනවා නම් ඔහුගේ රූපයට සමාන රූපයක් තියෙන්නම ඔ්නේ. එහෙම නැතිව වැඩේ කරන්න බැහැ කියලා තමයි කමල් හිතන්නේ.
කණ්නාඩි දෙක, රැවුල, දත්, කොණ්ඩය මේවා විජේවීරගේ රූපය ගොනැගීමේදී විශේෂයි. ඒ නිසා කමල් මේ දේවල් ගැන හුගක් හිතනවා.
ඒ නිසා කමල් තමන්ගේ බාහිර ස්වරූපය වෙනස්කර ගන්නකල්ම රූගතකිරීම් වලට දින දෙන්නෙ නැහැ. ඒ අනුව කමල්ගේ රූපෙ වෙනස් කරන්න මේකප් ටෙස්ට් එකක් කරනවා. විජේවීරගේ මුහුණේ හැඩය ගන්න දත් සෙට් එකක් පාවිච්චි කරන්න වෙනවා. එතැනදි කමල්ට ඩෙන්ටිස් කෙනෙක් ළගට යන්න වෙනවා. කොහොම වුණත් මුලින්ම ඒ දත් සෙට් එක දැම්මම කමල්ට දැනුනේ මඤ්ඤොක්කා පෙති අලවා ගත්තා වගේ නුහුරුවටලු. ඉතිං ඒක මට්ටම් කරකර යාන්තම් විජේවීරට සියයට හැටක් විතර සමාන වෙන්න රූපය හදාගන්නවා. ඒ දත් සෙට් එක දැම්මාම හරිම අපහසුයිලු. මේ සේරම කරලත් කමල්ට හිතට මදිලු. අන්තිමට හෙයාර් ඩේරසර් කෙනෙක් විදියට වෙනම කෙනෙක් ගන්න ඔ්නේ කියලා කමල් කියනවා. එතකොට ඔන්න විජේවීරගේ පෙනුම තවත් ටිකක් ආවලු.
කමල් ෂූටින් වලට යන්නේ සියයට 60ක් පමණ වූ විජේවීරත් එක්කලු. හැබැයි කමල් තීරණය කරනවා එයාගේ රංගනය තුළ ඉතිරි සාධාරණය කරන්න. ඔහුට තිබුණේ අර අසීරු දත් සෙට් එකත් දාගෙන උද්වේගකර කථා පවත්වන්න. බැරිවෙලා හරි කට තුවාල වුණා නම් ඒ දත් සෙට් එක කටට කිට්ටු කරන්නවත් වෙන්නේ නැතිලු. ඒ තරම් අසීරුවෙන් තමයි විජේවීරගේ පෙනුම කමල් අද්දරආරච්චිට ආරූඪ වෙන්නේ.
රංගනය කියන්නේ කොයිතරම් අසීරු කාර්යයක්ද කියලා අපිට මේ සිදුවීමෙන්ම පැහැදිලි වෙනවා.