Daily News
Trending

වික්ටර් තීරණය වෙනස් කරගෙන…




මෙරට සංගීත කලාවේ තනි පුද්ගලයකු විසින් පැවැත්වූ සාර්ථකම ගී ප්‍රසංගය වන්නේ වික්ටර් රත්නායකයන්ගේ “ස” ප්‍රසංගයයි.

නමුත් අති මහත් ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනා තිබියදී පවා වික්ටර් රත්නායකයන් “ස” ප්‍රසංගය නවතා තබනවා. ඒ 2012 වර්ෂයේදි.

වික්ටර් රත්නායකයන්ගේ ගී හඬට ප්‍රිය කළ සුවහසක් රසික කැල නැවත “ස” ප්‍රසංගය ආරම්භ කරන මෙන් ඔහුට මැසිවිලි නගනවා. ඒ ඉල්ලීම් සමග අවුරුදු 6ක් පමණ ගෙවී ගියා.

අවසානයේ සියලු රසික බලාපොරොත්තු මල්ඵල ගන්වමින් වික්ටර් රත්නායකයන් සිය තීරණය වෙනස් කර ගන්නවා. ඒ වෙනත් නමකින් ඒක පුද්ගල ගී ප්‍රසංගයක් පැවැත්වීමේ තීරණයත් එක්ක.”සරස රත්නමය ගී අමානන්දය” යන නමින් නම් කර ඇති මෙම ගී ප්‍රසංගය අගෝස්තු 11 වැනිදා හවස 6.30 ට මහනුවර පොල්ගොල්ල මහින්ද රාජපක්ෂ ශ්‍රවණාගාරයේදී පැවැත්වෙනවා. මෙහිදී වික්ටර් රත්නායකයන්ගේ අතිෂය ජනප්‍රිය ගීත බොහොමයක් ගායනා කරන්නට නියමිතයි. “ස” ප්‍රසංගයට වඩා වෙනස් අත්දැකීමක් මෙතුලින් සහෘද ජනතාවට තිළිණ වෙනු ඇතැයි වික්ටර් රත්නායකයන් අපේක්ෂා කරනවා.

Show More
Close