Daily News
Trending

වසර එකොළහක් අඛණ්ඩව රැකගත් රංජන්ගේ ජනප්‍රියත්වයේ කිරුළ හේමාල්ට…




13 වැනි ස්ලිම් නීල්සන් ජනතා සම්මාන උළෙලේදී (SLIM Nielsen People’s Awards) වසරේ ජනප්‍රියම නළුවාට හිමි ජනතා සම්මානය, වසර එකොළහක් අඛණ්ඩව එම කිරුළ රැකගෙන සිටි රන්ජන් රාමනායකට අහිමි වුණා. ඒ යොවුන් නළු හේමාල් රණසිංහ ජනප්‍රිය කිරුළේ හිමිකරුවා බවට පත් වීමත් සමඟ. මෙම සම්මානය පසුගිය වසරේදී හේමාල් සහ රන්ජන් අතර සම සම්මානයක් ලෙස බෙදී ගියද, මෙවර එහි තනි හිමිකාරිත්වය හේමාල් සතු වුණා. ඊට අමතරව පිට පිට දෙවන වතාවටත් තරුණ ප්‍රජාවගේ හද බැඳ ගත් ජනප්‍රියම නළුවාට හිමි සම්මානයට ද හේමාල් හිමිකම් කීමට සමත් වීම විශේෂත්වයක්. එසේම සමස්ථ ජනතාවගේ ජනප්‍රියම නිළිය ලෙස 11 වෙනි වරටත් මාලනී ෆොන්සේකා කිරුළ දැරීම මෙවර සම්මාන උළෙලේදී කැපී පෙනුණ අවස්ථාවක් වුණා.

සම්මාන උලළේ දී සම්මාන දිනාගත් අවස්ථා කිහිපයක් ඔයාලට ඉදිරිපත් කරන්නම්.

Cinema-
* වසරේ ජනප්‍රියම සිනමාපටය- ගෝල්
*වසරේ ජනප්‍රියම නිළිය – මාලනී ෆොන්සේකා (11 වෙනි වරට)
*වසරේ ජනප්‍රියම නළුවා- හේමාල් රණසිංහ (පිට පිට 02 වෙනි වරට)
*තරුණ ප්‍රජාවගේ හද බැඳ ගත් ජනප්‍රියම නිළිය- පූජා උමාශංකර් (02 වෙනි වරට)
*තරුණ ප්‍රජාවගේ හද බැඳ ගත් ජනප්‍රියම නළුවා – හේමාල් රණසිංහ (පිට පිට 02 වෙනි වරට)

Teledrama-
* වසරේ ජනප්‍රියම ටෙලි නාට්‍යය- දෙවෙනි ඉනිම
*වසරේ ජනප්‍රියම ටෙලි නාට්‍ය නිළිය- නයනතාරා වික්‍රමආරච්චි (පිට පිට 02 වරට)
*වසරේ ජනප්‍රියම ටෙලි නාට්‍ය නළුවා- සාරංග දිසාසේකර (පිට පිට 04 වෙනි වරට)

Music-
*වසරේ ජනප්‍රියතම ගීතය- නන්දා මාලනි විසින් ගායනා කරන “අම්මාවරුනේ”
*වසරේ ජනප්‍රියම ගායිකාව- ශෂිකා නිසංසලා (පිට පිට 04 වෙනි වරට)
*වසරේ ජනප්‍රියම ගායකයා – චාමර වීරසිංහ (පිට පිට 02 වෙනි වරට)

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close