Daily News
Trending

ලෝචනාගේ චරිතෙට husband කැමතියිලු..

Lochana Imashi




Lochana Imashi Exclusive from Starfriends.lk

සමහර අය අපිට හැමදාමත් එකම විදියට දකින්න හම්බ වෙන්නේ නෑ. ජීවිත කාලෙම ලඟින් හිටිය අය ජීවිත කාලෙම දකින්නවත් බැරි විදියට මිසින් වෙනවා. ඒක තමයි ලෝකේ හැටි. ලෝකෙ හැටි එහෙමයි කියලා ඒ මත්තෙම මැරෙන්නත් ඕන නෑ නේද? එහෙම කියන්න හිතුනෙ මෙහෙම දෙයක් හින්දා . සමහරැ දැන් අහයි කොහොම දෙයක් හින්දද කියලා. ගොඩක් වෙලාවට ලංකාවේ artists ලට වෙන්නෙ මොනවද කියලා අපි දන්නෙත් නෑ. අද හිටියා හෙට නෑ. ඒ කියන්නේ ඩ්‍රාමා එකක දෙකක ඉඳලා නැතිවෙලා යන එකට නෙවෙයි. ඒ අය රට අතෑරලා දාලා යන එකට. ඔන්න ඔහොම එක්කෙනෙක් දෙන්නෙක් නෙමෙයි සෙට් එකක්ම කාලෙන් කාලෙට රට අතෑරලා දාලා යන්න ගියා. මේ අතරින් සමහරු ආයෙත් ආවා. තවත් සමහරු එහෙම නතර වුණා. තවත් අය ඇවිල්ලා ගියා.තව අය ඇවිල්ලා වෙනද විදිහටම ෆීල්ඩ් එකේ වැඩක් පලක් කරගෙන හිටියා. අන්න ඒ වගේ කෙනෙක් තමයි ලෝචනා ඉමාෂි කියන්නේ. ලෝචනා මැරි කරාට පස්සේ හස්බන්ඩ් එක්ක ගිහින් නතර වුණේ නෙදර්ලන්තේ. ටික කාලයකට පස්සේ ලංකාවට ආවා. දැන් ඉතින් ඔන්න එයා ඉන්නේ ලංකාවේ. මේ ළඟදි දවසක ලොකු birthday party එකක් එහෙමත් ගෙදර තිබ්බා. ලෝචනා කියන්නේ නම් ඒක සප්‍රයිස් පාටි එකක් කියලා. කවදාවත් ලෝචනා යාලුවන්ට බර්ත්ඩේ එකට party දෙන්නේ නෑලු. මෙන්න මේ හින්දම ලෝචනාගේ යාලුවෝ සෙට් එකක් එකතු වෙලා ලෝචනාට පාටි එකක් දීලා. මොන දේ වුණත් හස්බන්ඩ්ට කවද්ද වයිෆ්ව අමතක වෙන්නේ ⁣නේද? එයා නම් expensive perfume එකක් ලෝචනාට present කරලා තිබ්බා.
මේ දවස්වල නම් ලෝචනා සැලුන් එකේ වැඩ කරන ගමන්ලු ඉන්නේ.

මේ ෆීල්ඩ් එකේ ඉන්න අය මැරි කලාට පස්සේ ගොඩක් වෙලාවට ඉතින් පවුල් ප්‍රශ්න වෙන එකනම් සාමාන්‍ය දෙයක්. මොකද කරන්න තියෙන සීන්ස් නිසා ගෙවල් ඇතුලේ තව තව කේස් වෙන වෙලාවල් අනන්තයි අප්‍රමාණයි. හැබැයි සමහරුන්ගේ. කොහොම වුනත් ඒක ඉතින් කවුරු කවුරුත් නොකිව්වට හැමෝටම තියෙන දෙයක් තමයි. ඒ උනාට මේ ගැන ලෝචනා කියන්නෙ නම් වෙනම කතාවක්.

එයාගෙ හස්බන්ඩ් නම් එහෙම කෙනෙක් නෙවෙයිලු.එයා දන්නවලු ලෝචනා චරිත තෝරගන්න විදිය. අන්න ඒ විශ්වාස නිසා කවදාවත් මෙයාට නම් කිසිම දවසක බාධා කරන්නෙත් නෑලු. දෙන්න කතා කරන එක හැමදාමත් කරනවලු.ඒ හින්දා කොහොමත් අවුලක් වෙන්නෙත් නෑලු කියලා තමයි ලෝචනා කියන්නේ.

කොහොම හරි පුතා ලොකු උනාට පස්සේ පුතාගේ ඉගෙනීමේ වැඩවලට ආයෙමත් නෙදර්ලන්තෙට යනවා කියලයි ලෝචනා කියන්නේ.

Lochana Imashi Exclusive from Starfriends.lk

Tags
Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close