Daily News
Trending
ලෝක රූ රැජිණ තරඟයට ලංකාවෙන් යන නඩියාට සුබපතන්න එන්න. – නඩියා ජී – Exclusive Photos

ලෝක රූ රැජිණ තරඟය ආරම්භ වන්නේ 1951 වර්ෂයේදී. එදා සිට අද දක්වා රූ රැජිණියන් විශාල පිරිසක් බිහිවෙලා තියෙනවා. ඒ අතරින් දකුණු ආසියාවෙන් රූ රැජිණියන් බිහි වුණේ 6 දෙනෙකු පමණයි. ඒ සියලුම දෙනාත් ඉන්දියානුවන් වීම සුවිශේෂීයි.
ඉතින් 2018 ලෝක රූ රැජිණ තරඟාවලියට ලංකාවෙන් සහභාගී වන්නේ සුරූපී නඩියා ජී. ඇය එළැඹෙන දෙසැම්බර් 08 වැනිදා චීනයේ සැන්යා නුවරදී පැවැත්වෙන 2018 ලෝක රූ රැජිණ තරඟාවලියට සහභාගී වෙනවා.
ශ්‍රී ලාංකිකයන් ලෙසින් ඇයට සුබපතන්න වගේම ඇයව ඉදිරියටම රැගෙන යන්න අපට පුළුවන්. ඒකට MobSAR ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන ෆේස්බුක් එකට සම්බන්ධ වෙන්න ඕනේ.
නඩියා යන්නේ සමූහික ගමනක්. ඇයට අපේ සහයෝගය අත්‍යවශ්‍යයි. ඉන්දියාවට පමණක් අවස්ථා හයකදී හිමි වූ ලෝක රූ රැජින කිරුළ අපේ රටට දිනා දෙන්න නඩියාට පුළුවන්. අපි ඇයට සුබපතමු. ඇයට සහයෝගය දෙමු.