
Jeff Bezos Exclusive from Starfriends.lk
බ්ලූම්බර්ග් බිලියනපතියන්ගේ දර්ශකය අනුව ලොව ධනවත්ම පුද්ගලයා බවට පත් වුණේ ඇමසෝන් සමාගමේ නිර්මාතෘ 54 හැවිරිදි ජෙෆ් බෙසෝස් (Jeff Bezos). ඔහුගේ බිරිය වුණේ මැකෙන්සි බෙසෝස් (MacKenzie ). මේ දෙදෙනා වසර 25ක විවාහ දිවිය අවසන් කරමින් දික්කසාද වීමට තීරණය කර තිබෙනවා. ජෙෆ් බෙසෝස්ගේ වත්කම ඇමෙරිකානු ඩොලර් බිලියන 137 ක්. දෙවන ස්ථානයේ පසුවන බිල් ගේට්ස්ට වඩා ඔහුගේ වත්කම ඇමෙරිකානු ඩොලර් බිලියන 45 කින් වැඩිය. ‘ෆොර්බ්ස්’ සඟරාවේ සඳහන් වන පරිදි බිල් ගේට්ස්ගේ මුළු වත්කම ඇමරිකානු ඩොලර් බිලියන 91.4ක්.
ඇමෙරිකානු මාධ්‍ය වාර්තාවන්ට අනුව මෙයට ආසන්නම හේතුව වන්නේ ජෙෆ් බෙසෝස් ෆොක්ස් රූපවාහිනියේ නිවේදිකාවක වන ලෝරෙන් සොන්ෂේ සමඟ පවත්වනවා යැයි කියන ප්‍රේම සබඳතාවයක්. 2013 වසරේදී Vogue සඟරාව සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී මැකන්සි පවසා තිබුණේ, තමන් ජෙෆ් බෙසෝස් ඉදිරියේ සම්මුඛ පරීක්ෂණයකට පෙනී සිටි අවස්ථාවක තමන්ට ඔහු පළමුවරට මුණගැසුණු බවය. පසුව ඔවුන් දෙදෙනා 1993 වසරේදී විවාහ වූණා. ඔවුන් දෙදෙනාට දරුවන් සිව් දෙනකු සිටිනවා.
ගිනි නිවන හමුදාවේ ස්වේච්ඡා භටයෙක් ලෙස වෘත්තිය ජිවිතය ඇරැඹූ ජෙෆ් බේසොස්ගේ අනාගත සිහිනය වී තිබුණේ ඈත අජටාකාශයේ හෝටල් සහ නගර නිර්මාණය කිරීම. ජෙෆ් බෙසෝස්ගේ බිරිඳ වන මැකෙන්සි නවකතා ලේඛිකාවක්. ඇය 2005 වසරේදී The Testing of Luther Albright නමැති නවකතාව ද, 2013 වසරේදී Traps නවකතාවද පළ කළා.
ජෙෆ් බෙසෝස් ඇමසෝන් නමැති පොත් අලෙවි කිරීමේ වෙබ් අඩවිය ආරම්භ කර ඇත්තේ, ඇමෙරිකානු කොටස් වෙළෙඳපොළ දත්තවලට අනුව ඇමසෝන් සමාගමේ වත්කම ඇමෙරිකානු ඩොලර් බිලියන 797ක්.





Jeff Bezos Exclusive from Starfriends.lk