GossipsHollywood & Bollywood
Trending

ලෝකේ වටේ කරක් ගහන Godzilla ..

Godzilla Movie - king of the Monsters 2019




Godzilla Movie – king of the Monsters 2019 Exclusive from Starfriends.lk

Godzilla කියන නම කාට වුනත් අමුතු නමක් නෙමෙයි. මොකද ඒ නම කාටත් හොඳයි හුරුපුරුදුයි. අපි king of the monsters ෆිල්ම් එක ගැන කතා කරද්දි අලුතින් ආපු godzilla film එක ගැන කතා කරන්න ඉස්සෙල්ලා ෆිල්ම් එකේ අතීතය කතා කරොත් හොඳයි කියලා හිතනවා. මොකද 1954 තමයි මේ චිත්‍රපට මාලාව මුලින්ම සිනමා ප්‍රේක්ෂකයන්ට රසවිඳින්න අවස්ථාව ලැබිලා තියෙන්නේ. godzilla කියන නමට හරියන්නම ඒකෙ සිදුවීම් මාලාවත් ලේසි නෑ. මොකද මේ වෙනකොට අවුරුදු 65 ක් පුරා චිත්‍රපටි තිස් දෙකක් නිර්මාණය වෙලා තියෙනවා. ඔයාලට මතක ඇති දෙවැනි ලෝක යුද කාලයේ දී ජපානයේ න්‍යෂ්ටික බෝම්බ ප්‍රහාරයට ලක්වුණා. ඉන්පස්සේ ඉතින් එතන තත්වය ගැන අමුතුවෙන් කියන් ඕන නෑනේ. අන්න ඒක මුල් කරගෙන තමයි මේ godzilla film එක (king of the monsters) නිර්මාණය වෙලා තියෙන්නේ. ගිනස් වාර්තා පොතට ඇතුළත් වෙලා තියෙන godzilla චිත්‍රපටයේ චරිත අයිතිය සම්පූර්ණයෙන්ම තියෙන්නේ ජපානයට. Films තිස් දෙකක් toho, කියන ජපන් production එකක් විදියට කරනකොට අනිත් films තුන කරලා තියෙන්නෙ හොලිවුඩ්වලින්. ඒ කියන්නේ ඔක්කොම films 35 යි.

Godzilla ගැන කරපු hollywood films දෙකෙන් මුල් දෙක කරලා තියෙන්නේ 1998 සහ 2014දි. මුල්ම ෆිල්ම් එකේදි නම් ගොඩ්සිලාව හඳුන්වල තියෙන්නේ ඉගුවානා කියලා. ඒ මුහුදු උරගයෙක්. මේ මුහුදු සත්වයා නිර්මාණය වෙලා තියෙන්නේ න්‍යෂ්ටික විකිරණ වලට නිරාවරණය වීමෙන් කියලයි film එකේ තියෙන්නෙ. කොහොම වුණත් අපි දැන් මේ කතා කරන අලුත්ම godzilla චිත්‍රපටය king of the monsters මැයි 31ඉඳලා ලෝකය පුරාම තිරගත වෙන්න පටන් ගත්තා. මයිකල් ඩොගර්ති direct කරපු මේ ෆිල්ම් එකට කරපු වියදම් නම් ලේසි පහසු නෑ. කොටින්ම කියනවා ඇමරිකානු ඩොලර් මිලියන දෙසීයකටත් වැඩියෙන් වියදම් කරලා තියෙනවා කියලයි මේ ගැන සඳහන් වන තොරතුරු වල දැක්වෙන්නේ .

මොනාක් කියන්නේ අද්භූත සත්වයින් ගවේෂණය කරන ආයතනයක්. මෙන්න මේ ආයතනයට හිතුවෙවත් නැති විදියට ප්‍රහාරයක් එල්ල වෙනවා. මේ ප්‍රහාරය එල්ලවෙන්නේ හයානක සතුන් කොට්ඨාසයකින්. ඉතින් මෙන්න මේ වේලාවේදී තමයි godzilla ගේ උදව් උපකාරයෙන් මේ කණ්ඩායම මර්දනය කරන්න මේ අය පෙළඹෙන්නේ. Godzilla – king of the monsters, film එකේ Kyle Chandler , Vera Farmiga , Millie Bobby Brown , Sally Hawkins, Charles Dance , David Strathairn, Zhang Ziyi සම්බන්ධ වෙනකොට ඇමරිකානු චිත්‍රපට සංගමය මේ ෆිල්ම් එක pg-13 level එකේ වර්ගිකරණයට ලක් කරලා තියෙනවා. Pg-13 කියන්නේ අවුරුදු 13 ට අඩු ළමයින්ට නරඔන්න සුදුසු නැහැ කියලා කියන සිදුවීම් මේකට ඇතුලත් කරලා තියෙනවාය කියලයි. ඒ මොනවා වුණත් මැයි 31 දා ඉඳලා Godzilla ලෝකෙ පුරාම කරක් ගහන්න පටන් අරගෙනයි තියෙන්නේ.

Godzilla Movie – king of the Monsters 2019 Exclusive from Starfriends.lk

Tags
Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close