
වාර්ෂිකව වැඩිම මුදලක් උපයන ලොව ධනවත්ම නළුවන් 20 දෙනා අතරට එක් වීමට බොලිවුඩ් සිනමාවේ සුපිරි නළුවන් සිව්දෙනකුට අවස්ථාව උදා වෙලා තියෙනවා. ඒක ඉන්දියාවේ ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එක සම්බන්ධයෙන් අහන්න ලැබුණ සුබදායක පුවතක්. මේ විදියට ලොව ධනවත්ම නළුවන් අතරට එක් වූ පළමු බොලිවුඩ් තරුව වන්නේ ෂාරුක් ඛාන්. ඔහුගේ වාර්ෂික ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 33ක් ලු. මෙම ලැයිස්තුවේ 10 වැනි තැන මේ දිනවල අති සාර්ථකව තිරගත වෙන ‘රස්තම්’ චිත්‍රපටයේ ප්‍රධාන නළු ආක්ෂේ කුමාර්ට හිමි වෙලා තියෙනවා. ඔහුගේ වාර්ෂික ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 31ක්.
ලොව ධනවත්ම නළුවා ලෙස නම් කර ඇත්තේ ලොව සුපිරිතම රෙස්ලින් ක්‍රීඩකයෙකු වු ඩිවෝන් ජොන්සන්ව. පසුගිය කාලයේ ඔහු රඟපෑ ‘ජී.අයි.ජෝ’, ‘හර්කියුලිස්’, ‘ෆාස්ට් ඇන්ඩ් ෆියුරිස්’ හා ‘සැන් ඇන්ඩ්‍රියාස්’ චිත්‍රපට සාර්ථක වීම ඔහු මේ විදියට ලොව ධනවත්ම නළුවා අතරට පැමිණෙන්න හේතු වන්න ඇති. වාර්තා වන අන්දමට ඔහුගේ වාර්ෂික ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 64ක් කියනවානේ.
මෙම ලැයිස්තුවේ පළමු 20 දෙනා අතරට එක් වීමට සුපිරි නළු සල්මාන් ඛාන් වගේම අමිතාබ් බච්චන් ද සමත්ව තිබෙනවා. සල්මාන්ට මෙහි 14 වැනි තැන හිමිවෙද්දී, ඔහුගේ වාර්ෂික ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 28.5ක්. අමිතාබ් බච්චන්ට මේ ලිස්ට් එකේ හිමි වෙලා තියෙන්නේ 18 වැනි ස්ථානය. ඔහුගේ වාර්ෂික ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 20ක් ලු.
ඔන්න අපි ඔයාලට ලොව ධනවත්ම නළුවන් දස දෙනාගේ නම් ටිකයි ඔවුන්ගේ ආදායම් විස්තරයි මේ විදියට ඉදිරිපත් කරනවා. ලෝකයේ සිනමා කර්මාන්තය කොයි තරම් ඉස්සරහින්ද තියෙන්නේ? අපි ඉන්නේ කොතැනද? අපේ ස්ටාර් කෙනෙක් උපයන ආදායම එක්ක හිතුවම හරියට අපි නිකන් අහසට පොළොව වගේ නේද?
Dwayne Johnson- USD 64,500,000
Jackie Chan- USD 61,000,000
Matt Damon – USD 55,000,000
Tom Cruise – USD 53,000,000
Johnny Depp- USD 48,000,000
Ben Affleck- USD 43,000,000
Vin Diesel- USD 35,000,000
Shah Rukh Khan- USD 33,000,000
Robert Downey Jr.- USD 33,000,000
Akshay Kumar- USD 31,500,000