Daily News
Trending

ලේ වලින් ලියපු ලියුමක් නිසා රොෂාන්ගේ පවුලට වෙන්න ගිය දේ..

Roshan Fernando




Roshan Fernando Family Exclusive from Starfiends.lk

විවාහය කියන්නේ ලේසි පහසු දෙයක් නෙමෙයි. ප්‍රශ්න නැති විවාහ ජීවිතත් නැහැ. නොගැලපීම් අවම කරගෙන ජීවත්වෙනවා හැර සාර්ථක විවාහ ජීවිතයකට වෙනත් අර්ථකතන නැහැ. එකට ජීවත් වෙන්න බැරිනම් වෙන්වනවා හැර වෙනත් හොඳ විසඳුමකුත් නැහැ. මේක කලාකරුවන්ගේ ජීවිතවලට විතරක් අදාල කාරණයක් නෙමෙයි. ඒත් කලාකරුන්ගේ ජීවිතවල සිදුවන වෙනස්වීම්වලට අනවශ්‍ය ප්‍රසිද්ධියක් ලැබෙනවා. ඒක ජනප්‍රිය වීම නිසා අත්විඳින්න වෙන දෙයක්.

Roshan with Wife

රොෂාන් ප්‍රනාන්දු (Roshan Fernando) සම්බන්ධයෙන් නම් එවැනි පුවත් මේ වන තුරු අහන්න ලැබිලා නැහැ. කවුරුත් දන්න විදියට රොෂාන් ඉතාම හොඳ පවුල් ජීවිතයක් ගතකරන ස්වාමිපුරුෂයෙක්. ඒ වගේම වගකීම් සහගත පියෙක්.

රොෂාන්ගේ පවුල් ජීවිතයේ සාර්ථකත්වය පිළිබඳව හෙළි කරන ඔහුගේ බිරිය තිළිණි ප්‍රනාන්දු (Thilini Fernando) ඇයගේ සිතටත් බයක් දැනුණ අවස්ථාවක් ගැන මාධ්‍යයට කියන්න තරම් විවෘත වෙලා තිබුණා.

රොෂාන් අදටත් වඩා හුඟක්ම ජනප්‍රිය යුගයක් තිබුණා. එතකොට තිළිණි සහ රොෂාන් කියන්නේ පෙම්වතුන්. ප්‍රසංගවල වැඩ නිසා මේ දෙන්නාට නිතර නිතර මුණගැහෙන්න අවස්ථාව නැති වුණත් රොෂාන් තිළිණිව මුණුගැහෙන්න එන හැම වෙලාවකම තිළිණිට මොනවා හරිම අරගෙන එනවා. ඒ වගේම කෝල් කරලා මැසේජ් කරලා හොයලා බලනවා.

මෙහෙම ගෙවුණ රොෂාන් තිළිණි ආදර කතාවෙත් සැකය බිය නොතිබුණා නෙමෙයි. රොෂාන් ආපුම කාලේ ඔහුට විශාල රසික ආකර්ශනයක් තිබුණා. දැන් කියලා වෙනසකුත් නෑ. පුදුමාකාර රසික ආදරයක් රොෂාන් වටා එකතුවෙලා තියෙනවා. ඉතින් දවසක් රොෂාන්ට ලේ වලින් ලියලා ආදරය ප්‍රකාශ කරපු ලිපියක් ලැබෙනවා. මේ ලිපිය ගැන දැනගත්තාම තිළිණි ටිකක් බය වෙනවා. කවුරුහරි කෙනෙක් ලේ වලින් ලියලා එවන්න තරමට පෙළඹෙන්නේ නිකම්ම වෙන්න බැහැ කියලා ඇයට හිතෙන්න ඇති. ඒත් ඉතින් මේ වගේ ප්‍රතිචාර හමුවේ රොෂාන් හැසිරෙන ආකාරයත් ඒවාට ප්‍රතිචාර දක්වන ආකාරයත් නිසා තිළිණිගේ හිතේ තිබුණ සැක සංකා පහවෙලා ගියාලු.

Roshan with Family

ජනප්‍රිය තරුණ කලාකරුවන්ට හිටපු ගමන් උමතු රසික රසිකාවියන් මුණගැහෙනවා. තිළිණි කාලයත් එක්ක ඒ දේවල් තේරුම් ගන්නවා.
ගෙදර ඉන්න වෙලාවට රොෂාන් උදේ වරුවෙම නිදා ගන්නවාලු. ඒක තමයි රොෂාන්ට තියෙන ටිකක් නරක පුරුද්ද. රොෂාන් දරුවෝ තුන් දෙනාටම එක වගේ ආදරෙයි. පොඩි පුතාගෙන් තමයි රොෂාන්ට බේරිල්ලක්ම නැත්තේ.

ඒත් තිළිණි නම් කියන්නේ රොෂාන් වැඩිපුරම ආදරය කරන්නේ තමන්ට, දෙවැනියට දරුවන්ට කියලා. ඕනම දුකක් කරදරයක් රොෂාන් තිළිණි එක්ක බෙදාහදා ගන්නවාලු. මේ දෙන්නා තවමත් මාධ්‍යයට නොදුන්නාට 15වැනි විවාහ සංවත්සරය වෙනුවෙන් යුග ගීතයක් ගායනා කරලා තියෙනවා.

රොෂාන් සම්බන්ධයෙන් නරක ආරංචියක් ආවොත් තිළිණි කරන්නේ කෙලින්ම රොෂාන්ගෙන් අහලා දැනගන්න එක. ඒ තරමට ඇයට රොෂාන්ව විශ්වාසයිලු.

ඒ විශ්වාසය වගේම මේ ආදරණීය පවුලේ සතුටත් හැමදාටම පවතීවා කියලා අපි ආශිර්වාද කරනවා.

Roshan with Wife
Roshan with Family
Roshan with Family
Roshan Fernando

Roshan Fernando Family Exclusive from Starfiends.lk

Tags
Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close