GossipsHollywood & Bollywood
Trending

ලෙහෙන්ගා එක ගැන කතා කරන්න පැය හයක්..




නොවැම්බරය බොලිවුඩයට විවාහ වලින්නම් අඩුවක් නැහැ. නොවැම්බර් 14,15 දීපූ රන්වීර් විවාහයට වෙන් වෙද්දී ඉන්දියානු මාධ්‍යය වාර්තා කරන ආකාරයට මේ සතියේම ප්‍රියන්කා චෝප්රගෙත් නික් ජොන්සන්ගේ විවාහයත් පැවැත්වෙන්න නියමිතයි කියලා තමයි ආරංචි. හැබැයි තවමත් ඒ දෙන්නගේ විවාහයේ දිනයන් නම් නිශ්චිතවම කියලා නැහැ.

හැබැයි ප්‍රියන්කා තමන්ගේ විවාහයේ ඇඳුම් නිර්මාණය කරනවා කියල නම් මාධ්‍යය වාර්තා කරලා තිබුණා. ප්‍රියන්කා තමන්ගේ විවාහයට ඉන්දියානු ක්‍රමයට සැරසෙන්න සුදානමෙන්ලු ඉන්නේ. ඒ කියන්නේ ලෙහෙන්ගා එකකින් තමයි ඇය හැඩ වෙන්න හිතන් ඉන්නේ. ලෝකයේ ඉතා ප්‍රසිද්ද මෝස්තර නිරූපණ ශිල්පියෙක්ට තමයි මේ ලෙහෙන්ගා එක නිර්මාණය කරන්න බාරදීලා තියෙන්නේ.

පසුගිය දවසක ඇගේ ලෙහෙන්ගා එකේ මෝස්තර කටයුතු පිළිබදව කතා කරන්න ප්‍රියන්කා පැය හයක කාලයක් වැය කරලා තියෙනවා කියලා තමයි ආරංචි. දැන්නම් බොලිවුඩය විතරක් නෙමෙයි හොලිවුඩයත් බලන් ඉන්නේ ප්‍රියන්කා කොයිතරම් ලස්සනට මේ විවාහ දවසේදී හැඩ වේවිද කියලා තමයි.

Tags
Show More
Close