GossipsHollywood & Bollywood
ලිංගික චිත්‍රපට තාරකාවන් අතර හා වෛශ්‍යාවන් අතර ඇති සමානකමක් ගැන සනීලියෝන් කියයි.

කරන් ජිට් කෞර් එහෙම නැත්නම් සනීලියෝන් සම්මුඛ සාකච්ඡාවකට සහභාගීවී සිටියදී ඒ සාකච්ඡාව මෙහෙයවපු නිවේදකයා සනීලියෝන්ට මෙන්න මේ විදියේ ප්‍රශ්නයක් යොමු කරනවා.
” ලිංගික චිත්‍රපට තාරකාවන් සහ වෛශ්‍යාවන් අතර වෙනසක් තිබේද? ” පුරුදු පරිදි සැහැල්ලු සුන්දර සිනහවකින් ප්‍රශ්නය භාරගත් සනී ලියෝන් මෙන්න මෙහෙම උත්තර දෙනවා.” වෙනසක් නෙමෙයි. සමානකමක් තියෙනවා. ඒ තමයි ධෛර්‍යය ”
ඉතිං මේ සම්මුඛ සාකච්ඡාවේදි අහපු ප්‍රශ්න සම්බන්ධයෙන් සනීලියෝන් ඒ තරම් පැහැදුනේ නැහැ. ඒත් මිනිස්සු ඒවා සම්බන්ධයෙන් කුතුහලයෙන් සිටින නිසා සනීලියෝන් මාධ්‍යවේදියා අසන ප්‍රශ්නවලට ඉවසීමෙන් මුහුණ දෙනවා.
ඉන්දියාව තුළ වසර පහක් තිස්සේ වැඩිපුරම ගූගල් වලින් සෙවීමට ලක් වූ කාන්තාව වන්නේ ඇය.
” මම මට අවංකයි. නමුත් මිනිස්සු දකින්නේ මගේ අතීතයට තිබෙන සම්බන්ධය පමණයි. මම දන්නවා ඒ දැක්ම ඇති කළේ මමයි. නමුත් හැම කෙනෙකුටම වෙනස් වෙන්න පුළුවන්. මම හිතන්නේ ඒ වෙනස දකින්න මිනිස්සුන්ට හැකියාව තිබෙනවා ”
සනීලියෝන් එහෙම කියනවා. මේ වනවිට සනීලියෝන් තමන්ගෙම සුවඳවිලවුන් සන්නාම නාමයක් පවා හඳුන්වා දෙනවා. සනී ලියෝන් මේ වනවිට හදාගන්නා දියණියකට සහ පුතුන් දෙදෙනකුට මව් පදවිය දී අවසන්.