
Kangana Ranaut Exclusive from Starfriends.lk
කන්ගනා රනවුත් ගොසිප් මවන්න හරි දක්ෂ නිළියක්. මනිකර්ණිකා හරහා ජාන්සි රැජිණට ඇය කළ නිරූපණය විශිෂ්ට එකක්. නමුත් කන්ගනා ඉන්නේ ෆීල්ඩ් එක ගැන තරමක් අසතුටකින්.
කන්ගනා කාලයක් රිතික් රෝෂන් එක්ක පෙම් සබඳතාවක් පැවැත්වූවා.
ඉන්දියාවේ නාළිකාවක් සඳහා ආන්දෝලනාත්මක සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් ඇය කියා සිටියේ “මට ගණිකාව කිව්වත් පිස්සි කිව්වත් මම හොඳින්” බව. ඒ සුපිරි බොලිවුඩ් නළු රිතික් රෝෂන් සමඟ ඇයගේ තිබූ ප්‍රේම සම්බන්ධය පිළිබඳව කළ විමසීමකදී. එහිදී ඇය වැඩිදුරටත් පවසා සිටියේ, ලිංගික ජීවිතයේදී කාන්තාවක් ක්‍ර‍්‍රියාශීලීයි නම්, ඇයව සමාජය හඳුන්වන්නේ ගණිකාවක් ලෙස බව. ඇය හැම අතින්ම සාර්ථකයි නම් ඇයව හඳුන්වන්නේ පිස්සියක් කියා බව එහිදී ඇය වැඩිදුරටත් සඳහන් කර සිටියා. තමන්ට මේ නම් දෙකම කීවත් තමන් හොඳින් සිටින බව NDTV නාළිකාවේ අදාළ වැඩසටහන මෙහෙය වූ මාධ්‍යවේදිනිය ඇසූ ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඇය පවසා සිටියා.
කන්ගනා සහ රිතික් අතර ඇතිවූ ප්‍රේම සම්බන්ධයේ දී ඇය රිතික්ට යැවූ ඊමේල් පණිවුඩ රිතික් විසින් උසාවියට ඉදිරිපත් කරමින් පවසා ඇත්තේ කන්ගනා යනු මානසිකව උන්මත්තක තරුණියක් බව,
කන්ගනා මේ ආකාරයට පෞද්ගලික ප්‍රශ්න කිහිපයකටම මුහුණ දුන්නත් බොලිවුඩ් වල වැඩිම මුදලක් අය කරන නිළියන් 10 දෙනා අතරට එන්න සමත් වෙනවා.
කන්ගනාට තමගේ ෆීල්ඩ් එකේ සහෝදර නළුනිළියන් එක්ක විශාල කලකිරීමක් තියෙනවා. ඒ ඔවුන් ඇගේ රංඟනය කිසිදු අවස්තාවක අගය කිරීමට සූදානම් නැති නිසා. කන්ගනා රඟපෑ ‘ටනූ වෙඩ්ස් මනූ’ සහ ක්වීන් වැනි චිත්‍රපටවලදී ඇය ඇගේ උපරිමය කර තිබුණත් ෆීල්ඩ් එකේ කිසිවෙක් ඇයව අගය කරන්නේ නැහැ. කන්ගනා ඒ අය ගැන ඉතාම අපහැදීමෙන් කතා කරනවා. තමන්ගේ රංඟනය අගය නොකළත් ලැජ්ජා නැතිව ඒ නළු නිළියන්ම නැවත ඔවුන්ගේ නිර්මාණ බලන්න එන්න කියලා ආරාධනා කරනවා කියලත් කන්ගනා කියනවා. එහෙම නළු නිළියන් සම්බන්ධයෙන් කන්ගනා ලැජ්ජාවෙනවා කියලත් කියනවා. හැබැයි කන්ගනා නම් තව කෙනෙක්ගේ රංඟනයන් දිහා බලලා ඒක අගය කරන්න ලෝබ වෙන්නේ නැහැලු.
Kangana Ranaut Exclusive from Starfriends.lk