Daily News
Trending

ලා සිඤ්ඤෝගේ ඩම් ඩම්.




ලා සිඤ්ඤෝ කියන්නේ ලහිරු පෙරේරා කියලා ඔයාලා දන්නවනේ. ලහිරු එයාගේ සංගීත ගමන යන්නේ ලා සිඤ්ඤෝ කියන අන්වර්ථ නාමය එක්ක. ඉතින් මේ කියන්නේ ලා බ්‍රෝ ගේ අලුත්ම මියුසික් වීඩියෝව ගැන.

ඒක අපි මීට කලින් දැකලා තිබුණ මියුසික් වීඩියෝවලට වඩා හුඟක් වෙනස්. 3D, 2D තාක්ෂණය වගේම කට්ටියගේ පට්ට ඇක්ටින්වලින් මේ වීඩියෝව හොඳට මික්ස්වෙලා තිබුණා. අපිට සුපුරුදු නමින් ආමන්ත්‍රණය කරනවා නම් ලහිරු පෙරේරා කියන්නේ කොහොමටත් අමුතු ආර්ට් එකක් තියෙන කෙනෙක්නේ.

ලහිරුගේ ඩම් ඩම් සින්දුව ලියන්නේ ජාඩියට මූඩිය වගේ නියමෙටම පෑහෙන ගේය පද රචකයෙක්. ඔහු තමයි මනුරංග විජේසේකර. ලහිරු එක්ක ඩුම් ඩුම් කියන්න මරීෂාත්(Marisha) එකතුවෙනවා. ඩම් ඩම් මෙලඩි එක ලහිරු පෙරේරාගේ. මියුසික් ප්‍රඩියුස් කරන්නෙ Music oven crew එක.

ඩම් ඩම් සින්දුවට ආකර්ශනීය වීඩියෝව නිර්මාණය කරන්නේ ලක්ෂාන් එදිරිසිංහ. කලා අධ්‍යක්ෂණය තුෂාර කළුබෝවිලගේ. මේ මියුසික් වීඩියෝවට අයිශාරා අතුකෝරලගේ සරාගී ඇක්ට් එකකුත් එකතුවෙලා තියෙනවා. ත්‍රී ඩී ඇනිමේෂන් තාක්ෂණය වගේම ටූ ඩී තාක්ෂණයත් මික්ස් කරලා හදපු ඩම් ඩම් මියිසික් වීඩියෝව දැන් ඔයාලට යූටියුබ් එකෙන් රසවිඳින්න පුළුවන්.

Tags
Show More
Close