
ලහිරු පෙරේරා කිව්වම ඔයාලට මතක් වෙන්නේ නාහෙට අහන්නේ නැති හිතුවක්කාර ඩයල් එකක්නේ. ඒ වුණාට ඔය හිතුවක්කාරකම් ගෙවල් වලදී නෑ. වගකීම් යුතුකම් එක්ක වැඩ කරද්දී දඟකාරකම් මනමාල කම් හැම දෙයක්ම යටපත් වෙනවා.
හැබැයි ඉතින් ලහිරුගේ නම් එහෙම යටපත් වුණෙත් නෑ. ගෙදරදිත් හොඳට නටලා කියලා කෑගහලා සින්දු කියලා ඉන්න තමයි බලන්නේ. එහෙම කියන්නේ ලහිරුගෙ වයිෆ් නිසා බොරුවක් වෙන්නත් බැහැ.
ලහිරුට සින්දු කියන්න, නටන්න, නිවේදනය කරන්න, සංගීත කටයුතු කරන්න, වගේ දක්ෂතා ගොඩක් තියෙනවා කියලා ඔයාලා දන්නවනේ. එච්චර විතරක් නෙමෙයි ලහිරුට අමුතු චිත්‍ර හැකියාවකුත් තියෙනවාලු. ඔය ඔක්කොම අස්සේ ලහිරුට තියෙන තවත් අමුතු හැකියාවක් ගැන ඔහුගෙ බිරිඳ හෙළිදරව් කරනවා. ඒ මොකක්ද දන්නවද?
ලහිරුට හොඳට කට කපලා නිදාගන්න පුළුවන්ලු. වාහනේ කොහේ හරි ගියත් ඩ්‍රයිව් කරන්න නම් ආස නැතිලු. සීට් එකට වෙලා හොඳ නින්දක් දාන්නලු බලන්නේ. කොටින්ම ලහිරුට ගෙදර ඇඳ තරම් සුවය දෙන තැනක් තව කොහේවත් නෑලු.
ඒ වුණාට ඉතින් ලහිරු වයිෆ්‍ට වගේම දරුවන්ටත් හරිම ආදරෙයි. කොච්චර වැඩ තිබුණත් එයාලව එලියට එක්කරගෙන යන්න ලහිරුට වෙලාව තියෙනවා. කොයි දේත් ඕනවට වඩා හිතන පුරුද්ද ලහිරු ළඟ නෑ කියනවනේ. ධනාත්මක සිතුවිලි එක්කලු ජීවත් වෙන්නේ.
හැබැයි ඉතින් අර නිදාගන්න පුරුද්දට නම් ලහිරුගේ වයිෆ් චුට්ටක්වත් ආස නෑලු.