
බුද්ධික තරමක වෙනස් මනුස්සයෙක්. ඒ වෙනස කොයි තරම් ද කියනවා නම් සමහරු බුද්ධිකට කිව්වේ පිස්සෙක් කියලා. ක්ෂේත්‍රයේ තියෙන කිසිම තරඟයක් බුද්ධිකට අදාලම නෑ. මොකද එයා යන්නේ වෙනස්ම හැඩයක් ගත්ත පාරක. ඒ පාරේ යන්නේ බුද්ධික විතරයි. ඒක හරි අමුතු පාරක්. ෆේස් බුක් සමාජ ජාලයට ” ලයිව් විත් බුද්ධික ” එකතු වෙන්නේ අන්න ඒ වෙනස් පාරේ වෙනස් ගමනක් ආපු බුද්ධිකගේ සංකල්පයකට අනුව.
“ලයිව් විත් බුද්ධික” කියන්නේ ෆේස්බුක් ලයිව් ඇවිත් සිදු කරන ආස්වාදජනක සංගීත වැඩසටහනකට. මේ වැඩසටහන මෙහෙයවන්නේ බුද්ධික. ඒ වගේම මේ වැඩසටහනට ලංකාවේ සිටින ජනාදරයට පාත්‍ර වූ ගායක ගායිකාවන් ඉදිරිපත් වෙනවා.
බුද්ධික මේ අලුත්ම වැඩසටහන කරන්නේ දිවයිනෙන් පිට, විශේෂයෙන්ම මැදපෙරදිග රැකියාවේ නියුතු ශ්‍රී ලාංකිකයන්ට.
බුද්ධිකට විශාල විදෙස් රසික පිරිසක් සිටින බව බොහෝ දෙනා නොදන්න රහසක්. ඉතින් බුද්ධිකගේ මේ අලුත් වැඩේ සති අන්තයේ දහවල් දොලහේ සිට 1.30 දක්වා ෆේස්බුක් ලයිව් ඇවිත් රස විඳින්න පුළුවන්. මේ වැඩේ සාර්ථක වෙන්න කියලත් අපි ප්‍රාර්ථනා කරනවා.
ප්‍රවීණ නළු රිචඩ් ග්‍රේ සහ ජෙනිෆර් ලෝපේස් රඟන හොලිවුඩ් සිනමා පටයකටද සම්බන්ධ වීමේ දුර්ලභ වරම බුද්ධිකට උදා වෙලා තියෙනවා කියලත් අපට දැන ගන්න ලැබුණා. ඒක සාර්ථක වුණොත් ඒ බුද්ධික හොලිවුඩ් සිනමා නිර්මාණයකට සම්බන්ධ වන දෙවැනි අවස්ථාව බවත් කියන්න ඕනේ.