Daily NewsGossipsHollywood & Bollywood
Trending

ලක්ෂ ගානකට විද්ද ආලියාගේ බඩේ අමාරුව..

Alia Bhatt




Alia Bhatt Exclusive from Starfriends.lk

ඉන්දියාව කියන්නේ තනිකරම ෆිල්ම් වලින් දුවන රටක්. ඉස්සර නම් කිරිහරක් වලින් යැපුනත් දැන් දැන් හැම පැත්තෙම technology එක දියුණු වෙනවත් එක්කම film industry දියුණු වුනා. සරලව කියනවා නම් අවුරුද්දට film 1000කටත් වඩා හැදෙන රටක්. හිතන්නකො කොහොමද කියලා ආර්ථිකයට දෙන සපෝට් එක. ඉතින් මේ විදියට film industry, එක හැදෙනකොට films වල ඉන්න artists ලා විතරක් නෙවෙයි ඒ ආශ්‍රයෙන් ජොබ් ගොඩක් හැදුණා. ඒ වගේම තමයි ඉන්දියාව කියන්නේ film city එකක්. මේ වෙනකොට ඉන්දියාවේ ෆිල්ම් එකක් ෂූට් කරපු නැති තැනක් හොයාගන්නවා කියන්නෙ ඉතින් විහිළුවක් තමයි. ඉතුරු වෙනවා නම් ඉතිරි වෙලා තියෙන්නේ ඉන්දියන් සාගරය විතරයි. සමහර තැන් වලදි නම් ඒකත් use කරා. කොහොම වුණත් මේ ළඟදි දවසක “Brahmastra”, ෆිල්ම් එකේ ෂූට් එකක් varnasi වල කරන්න පටන් ගත්තා.

හරි, මොකක්ද මේ Brahmastra කියන්නේ. Brahmastra කියන්නේ අපි දන්න භාෂාවෙන් නම් මොකද්ද කියන්න දන්නේ නෑ. Brahmastra කියන වචනයට තේරුම් හොයන්න ගියොත් නම් ඉතින් අපිට උඩ යට පෙරලන්න තමයි වෙන්නේ. හැබැයි මේක හින්දි ෆිල්ම් එකක් කියලා නම් සද්ද වහලා කියන්න පුළුවන්. මේ ෆිල්ම් එකේ අධ්‍යක්ෂණය අයන් මුකර්ජි. ෆිල්ම් එකේ තරැ ඩබල තමයි ranbir kapoor ,alia Bhatt දෙන්නා මේ තරු දෙක මේ වෙනකොට බොලිවුඩ් වල ඉන්න ජනප්‍රියත්වයේ ඉහළම අගයක් ගන්න දෙන්නෙක්. මේ දෙන්නා පහුගිය මැයි මාසයේ අන්තිම සතියේ දවසක උත්තර් ප්‍රදේශවල තියෙන varnasi වලට ආවේ ෆිල්ම් එකේ ෂූටින්වලට. ෂූට් එක start කරලා හදිසියේම වගේ ඒක නතර කළා. මේ නිසා හිතාගෙන හිටිය විදියට ෆිල්ම් එකේ ෂූටින් නම් කරන්න ලැබුණේ නෑ.

මේ schedule එක ඇතුලේ ෆිල්ම් එකේ සෙට් එක වැඩ ගොඩකටත් එක්ක තමයි varnasi වලට ආවේ. schedule එකේ කරන්න තිබ්බ ලොකුම වැඩේ තමයි සිංදුවක් කරන එක. මේ සිංදුව දවස් තුනක් පුරාම කරන්නයි production team එක plan කරන් හිටියේ. ඒත් ඉතින් ලංකාවේ, ඉන්දියාවේ නෙවෙයි කොහෙ උනත් හිතන් ඉන්න දේවල් නෙවෙයිනේ වෙන්නේ. Brahmastra කරන්න varnasi වලට ආව මේ සෙට් එකට අන්න ඒ වගේ සීන් එකක් වු⁣ණේ. හදිසියේම ආලියට බඩේ කේස් එකක් වෙලා. එකම කලබගෑනියක්. varnasi ගිය ආලියා ආයිත් කෙලින්ම නතරවුනේ මුම්බායිවල specialist Doctor කෙනෙක් ලඟ. ආලියාගේ බඩේ අමාරැව ඒ තරමට දරැණුයිලු. මේ වෙලාවෙදි ආලියාගේ බඩේ අමාරැව ගැන අමුතු අමුතු දේවල් එක එක අයට හිතෙන්නත් පටන් ගත්තලු ඕන්.

ඒත් ඉතින් බඩේ ලෙ⁣ඩේ ගැන හරිම විස්තරේ දන්නේ ආලියා තමයි කොහොම වුණත් ආලියාගේ මේ බඩේ අමාරැව production team එකට ලක්ෂ ගණනක පාඩුවක් කරලයි නතර වුණේ.

Alia Bhatt Exclusive from Starfriends.lk

Tags
Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close