Daily News
Trending

ලංකාව අතෑරලා උදාරි රට යනවලු.

Udari Warnakulasuriya




Udari Warnakulasuriya Exclusive from Starfriends.lk

ලංකාවේ කලාව හරිම අමුතුම තැනක් කියලා තේරුම් ගන්න එක එක විදියට පුළුවන්. සමහර වෙලාවට සමහරැ දිහා බලලා ඒකෙන් idea එකක් ගන්න පුළුවන් වගේම තමයි හැදෙන, හදන නිර්මාණ දිහා බලලා ඕනවටත් වැඩිය දේවල් තීරණය කරන්න අපිට පුළුවන්. ඒකටත් අපේ මීටරේ හොඳ වෙන්න ඕන. මොකද එහෙම නැත්තන් මීටර් අවුට් ගිය මිනිස්සුන්ගේ කේස් දිහා බලාගෙන ඉඳලා අපෙ ඔළුව තමයි අවුල් කරගන්න සිද්ධ වෙන්නේ. ඒකට හොඳම දේ, වෙන්නෙ මොනවද කියලා බලාගෙන ඉන්න එකයි. අපිත් අන්න එහෙම බලාගෙන ඉන්න වෙලාවක තමයි අපිට මේ සිද්ධිය ආරංචි වුණේ. කොහොමත් ඉතින් සිදුවීම් වෙන්නෙ ආරංචි වෙන්නනේ. අපි බලමු මේ කතාවත් මොකක්ද කියලා.

උදාරි වර්ණකුලසූරිය කියන්නේ මේ ෆීල්ඩ් එකට අලුතින් ආපු චරිතයක් නම් නෙවෙයි. ඒක ඕන කෙනෙක් දන්න කාරණාවක්. ඒ වුණත් මේ ටික දවසට හොඳ ගේම් එකක් ගහපු character එකක්. Teledrama පැත්තෙන් ඉස්සරහට ආපු උදාරි ඒ වගේම film පැත්තට එන්නත් වැඩි කාලයක් ගියේ නෑ. එයාගේ මුල්ම film එක තමයි ‘පායා එන්න හිරු සේ’ කියන්නෙ. 2009 release වුණ මේ film ඒක direct කරේ උදයකාන්ත වර්ණසූරියයි. ඊටත් පස්සේ සිහිනය දිගේ එන්න, ආදරණීය කතාවක්, මහින්දාගමනය, පෝරිසාදයා, පහ සමත් වගේ fim ගානක එයා එක එක විදයෙ චරිතවලට හිටියා. ඒ දේවල් කරා කියලත් නෑ. මොන වෙලාවකවත් එයාගෙ film එහෙමත් නැත්නම් drama මිනිස්සුන්ට දකින්න බලන්න හම්බ වුනේ නැතත් නිහඬව ඉන්නවා කියලා නම් කාටවත් තේරැනේ නෑ.

මේ දවස්වල නම් උදාරි අහිංසා ටෙලියේ අහිංසා විදියට චරිතයක් කරන ගමන් බෙනට් රත්නායකගේ ‘කවුරැවත් දන්නෙ නෑ’ film එකටත් සෙට් වෙලා ඉන්නේ. හැබැයි ඉතින් උදාරි වැඩියෙන්ම කතා කරන්නෙ ජැක්සන් ඇන්තනිගෙ’ එකගෙයි සොකරි ‘ film එක ගැන. මොකද මේ film එකේ සේදර මැණකේ කියන චරිතයට සම්බන්ධ වෙලා ඉන්නෙ උදාරි. එයා සේදර මැණිකේ ගැන කියලා තියෙන්නේ මෙන්න මෙහෙමයි.

” එදා තිබුණු සංස්කෘතිය ගැන වර්තමානේ තරුණ තරැණියන්ට අවබෝධයක් මේ චිත්‍රපටයෙන් ගන්න පුලුවන්. මං හිතනවා රසිකයො ආදරෙන් සේදර මැණිකෙව පිලිගනියි කියලා. කාන්තාවකට මූණ දෙන්න තියෙන කළු සුදු ලෝක දෙකම මේ චරිතයෙන් නිරෑපනය වෙනවා.” කියලයි.

⁣කොහොම වුණත් කොයි මැණිකෙටත් වෙලාව ආවම සිද්ධ වෙන්න තියෙන දේවල් නම් වෙනවාම තමයි. ඔන්න ඒ පාර උදාරිට රට යන්න සිද්ද වෙලාලු. මේකත් හරි අමුතු කතාවක්නේ. පත්තු වෙලා යන film එකක් release වුණා විතරයි එයා මොකද මේ රට අතාරින්න යන්නෙ කියලා. ඒ කතාව එහෙම නිසා අපි හොයලා බැලුවා කතාවේ ඇත්ත නැත්ත මොකක්ද කියලා. ඉතින් ඔයාලම දැන ගන්නනකෝ උදාරි කියන විදියට කතන්දරේ මොකක්ද කියලා.

” දැන් මගේ දුවට අවුරුදු 7යි .එයා study කරන්නෙ colombo british school . අපි ලබන මාසෙ ඉඳන් එයාව සිංගප්පූරුවේ study කරන්න යවනවා. අපි ඉස්සර ඉඳන් කතා කරගෙන හිටියේ එහෙමයි. මමත් යනවා ඒත් කලාව නම් අතාරින්නේ නෑ. විටින් විට ලංකාවට ඇවිත් යන්න එනවා.” දැන් වුනත් දුවයි එයයි යනවා කියලත් කියනවා. කොහොම වුනත් උදාරි කියන්නේ හැමදේටම වඩා එයාට එයාගේ පවුල් ජීවිතය වැදගත් කියලයි. ඉතින් අන්න එහෙමයි උදාරි රට කතාව ගැන කියලා තියෙන්නේ.

Udari Warnakulasuriya Exclusive from Starfriends.lk

Tags
Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close