Daily News
Trending

ලංකාවේ සටන් නලුවන්ට පදනමක්…




ලංකාවේ වර්තමාන සිනමාපටයන්ට වඩා පැරණි සිනමාපට වලින් අපට දැක ගන්න පුලුවන් උන සුලභ දෙයක් තමයි ක්‍රියාදාම සටන් කියන්නෙ. මෑත කාලිනව නිර්මාණය වන සිනමාපට තුල සැබවින්ම අපට මෙ ක්‍රියාන්විත සටන් දකින්නට ලැබෙනවා අඩුයි. ඒ උනත් හොලිවුඩ් බොලිවුඩ් සිනමාපට වල සටන් මෙන්ම සටන් නලුවන් අනිවාර්ය කොටසක් ලෙස ඔවුන් සටන් සලකනවා.

කොහොම උනත් අඩු වටිනාකමක් දුන්න ලංකාවේ සිනමා සටන් කලාවටත් සටන් නලුවන්ටත් වැඩි වටිනාකම්ක් දෙමින් සිනමා සටන් කරුවන්ගේ පදනමක් පසුගියදා ස්තාපිත කර තිබුනා. මෙම පදනමේ සභාපති ධුරයට ප්‍රවීන නලු ක්ලීටස් මෙන්ඩිස් සහ ලේකම් ධුරයට ප්‍රවීණ නලු යෙඩී විද්‍යාලංකාර තේරී පත්වෙලා තියෙන්වා.

අද කාලේ සිනමා ප්‍රේක්ෂකයන්ට වඩා මෙයට වසර කිහිපයක් ඈත සිනමාවට බොහෝ දෙනෙක් ඇල්මක් දැක්වුවේ මේ සටන් ජවනිකා නිසා කියලා නම් අපි අමතක කරන්න නරකයි. ඉතින් ඒ නිසා සිනමා සටන් නලුවන්ගේ වෘත්තීය මට්ටම ඉහල නංවලා ලාංකේය සිනමාව අලුත් මගකට අවතීර්ණ කරන්න පුලුවන් වෙන්න කියලා අපිත් සුභ පතනවා.

Show More
Close