GossipsHollywood & Bollywood
Trending

ලංකාවේ කෙල්ලක් විවාහ කරගත්ත ටැමිල් විජේ. Exclusive Photos




ජෝෂප් විජේ. මෙහෙම කිව්වම නෙමෙයි ඔයාලා එයාව දන්නේ විජේ කිව්වම. වෙනසක් නැතිව බොලිවුඩ් කොලිවුඩ් රසික රසිකාවියන්ගේ ආදරය දිනාගත්ත විජේ ගැන විස්තර ටිකක් කියන්න ඕනේ කියලා අපි හිතුවා.

විජේගේ තාත්තා එස්.ඒ චන්ද්‍රශේකර්. ඔහු දෙමළ චිත්‍රපට අධක්ෂවරයෙක්. විජේගේ අම්මා ශෝභා. ඇය ගායිකාවක්.

ගහේ කටු උල් කරන්න ඕනේ නැහැනේ. විජේටත් ගායනයේ හැකියාව ඒ විදියටම පිහිටලා තියෙනවා. ඒ වගේම ඔහු රංඟනයට පය තබන්නේ ළමා නළුවකු විදියට. අවුරුදු 18ක් වනවිට ඔහු නාලයියා තීර්පු කියන දමිළ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කරනවා.

විජේ කියන්නේ පුංචි කාලෙ හරිම විසේකාර දරුවෙක්. ඒත් විජේගේ චූටි නංගි අවුරුදු දෙකක් වෙද්දිම මිය යනවා. ඒ මරණය කුඩා විජේගේ මොළයට කොයි තරම් කම්පනයක් වුණා ද කියනවා නම් ඊට පස්සේ විජේ වැඩි කතාබහක් නැති නිහඬ චරිතයක් බවට පත් වෙනවා.

නළුවෙක් වුණාට පස්සේ විජේ රාසියන්, ඉල්ලෙයා, තාලපති ආදී චිත්‍රපට රාශියක ප්‍රධාන චරිත නිරූපණය කරනවා. ඔහු රඟපෑ සියලු චිත්‍රපට අතිශය ජනප්‍රිය වුණා.

ඔයාලා කවුරුත් නොදන්න දෙයක් තමයි මේ. විජය විවාහ වන්නේ සංගීතා සෝමලිංගම් කියන රසිකාවිය එක්ක. ඇය ලාංකීය ද්‍රවිඩ කාන්තාවක්. ඒ වගේම විජේ කතෝලිකයෙක්. සංගීතා හින්දු භක්තිකයෙක්. මේ නොගැලපීම් තමයි ඔවුන් අතර බැඳීම වර්ධනය කරන්නේ. දැන් මේ පවුලට ජේසන් සන්ජේ කියලා පුතෙකුත් දිව්‍යා ශාෂා කියලා දියණියකුත් ඉන්නවා.

Tags
Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close