
ස්ටේජ් එකට නැගලා කෑ ගහලා Dance කරලා සින්දු කියන්න පුළුවන් කොල්ලො සාමාන්‍යයෙන් ඉන්නෙ එක්කෙනයි දෙන්නයි. කෑගහලා උඩපැනලා නැටුවත් ඒක අහන්න පුළුවන් සිංදුවක් වෙන්නත් ඕනනේ. ඉතින් මේ කියන්නේ අන්න එහෙම ගායකයෙක් ගැන. මීට කාලෙකට ඉස්සර වෙලා සීදූව සකුරා බෑන්ඩ් එකේ කොල්ලෙක් අමුතු අමුතු හඬ පරාසවලින් සින්දු කියන්න පටන් ගත්තා. හැඩෙන් වෙනස් හඬත් වෙනස් නමත් වෙනස් බාචි සුසාන් කියන නමත් එක්කම එදා ඉඳලා බාචි Music Field එකේ ජනප්‍රිය තරුවක් වුණා. තරු උනාම ඉතින් ගොඩක් වෙලාවට අපි දකිනවා කඩාගෙන වැටෙන වෙලාවලුත් තියෙනවනේ. ඒත් තරුවක් වුණු බාචි සුසාන් එදා ඉඳලාම පායලා තිබුණා. හරියටම කියනවානම් Superstar කෙනෙක් වගේ. හරි…. හිතන්න පුළුවන්ද කියන්නකො බාචි දැන් Field ,එකට ඇවිල්ලා අවුරුදු කීයක් වෙනවද කියලා? හිතුවට එහෙම හිතන්නත් බෑ නේද? 30ක්. නිකන්ම නෙමෙයි අවුරුදු 30ක්. මිනිස්සුන්ගේ ජනප්‍රියත්වය රැඳෙන්නේ තමන් කරන කියන වැඩ වලින් නේ. ඉතින් බාචි මීට අවුරුදු තිහකට ඉස්සෙල්ලා කියපු බුදුනේ ජේසුනේ සිංදුව තවමත් ජනප්‍රියයි කියලා කියන්නේ ඉතින් බාචි තවමත් ජනප්‍රියයි කියන එකම තමයි. බාචි ගේ තියෙන ජනප්‍රියත්වය, දක්ෂකම නිසාම ලංකාවේ ෆිල්ම් 10කට සෙට් වෙන්නත් චාන්ස් එක හම්බුනා. ඒ විතරක් නෙවෙයි ජයන්ත චන්ද්‍රසිරි වගේ අධ්‍යක්ෂවරුත් බාචිව තමන්ගේ චිත්‍රපටවලට සම්බන්ධව කරගන්න දෙපාරක් හිතුවේ නෑ. ඒ ගැන නම් බාචි කියන්නේ මෙන්න මෙහෙමයි…
බාචි ගොඩක් අය එක්ක වැඩ කරලා තියෙනවලු. ඒ වගේම ෆිල්ම්ස් දහයකටත් වඩා සින්දු කියලා තියෙනවාලු. ජයන්ත චන්ද්‍රසිරි වගේ අයත් බාචිව මෙහෙයවලා වැඩකටයුතු කලාය කියලා.
තවමත් අපේ රටේ සමහර තැන් වලට ගියාම දක්ෂතාවය පැත්තකට දාලා ,සෙටිපිකට් බලලා ජොබ් එකට ගන්නවා වගේ තමයි තවත් සමහරු දක්ෂතාවය අගය කරන්න දන්නෙ නෑ. ඒ වුණත් බාචි නම් අලුත් කෙල්ලො කොල්ලො ගැන කියන්නෙ මෙන්න මෙහෙමයි.
අපිට දක්ෂ තරුණ පරම්පරාවක් හිටියත් ඒ අය ගොඩක් වෙලාවට ට්‍රයි කරන්නේ තාක්ෂණය පැත්තෙන් වැඩිම දේවල් කරගෙන Studio එක ඇතුලට වෙලා හොඳට සිංදුවක් හදාගෙන ඒක එළියට දාන්නලු. ඒත් මේ හැම දෙයක්ම කරලා ස්ටේජ් නගින දවසට තමයිලු පටිරෝල් වෙන්නේ. මේ තාක්ෂණය ගැනත් බාචි මෙහෙම කියනවා. තාක්ෂණය වුණත් Use කරන්න ඕන ක්‍රම තියෙනවලු. කවුරු කොහොම කිව්වත් තමන් තමන්ව විශ්වාස කරන්න ඕන කියලා තමයි තවත් විදියකින් බාචි කියන්නේ. බාචිට තමන් ගැන තියෙන විශ්වාසය කොච්චරද කියනවා නම් මහපාරෙදි වුණත් දෙවනත් වෙන්න කෑ ගහන්න පුලුවන් කියල ෂුවර් එකක් තියෙනවලු.
සමහරු නම් කියන්නේ සද්දේ දාගෙන රැල්ලට සින්දු කියලා, ස්ටේජ් උඩ නටලා, කෑගහන අයට බාචි කියන්නේ හොඳ ආදර්ශයක් ගන්න පුළුවන් චරිතයක් කියලා. මොකද දැන් අලුතින් ෆීල්ඩ් එකට එන අය ළඟ නැති දේවල් බාචි ලග තියනවලු. හැබැයි බාචිනම් එයාගැන මෙන්න මෙහෙමයි කියන්නේ.
හැම වෙලාවෙම ගන්න තීරණ උනත් ගොඩක් වෙලාවට හිතලා මතලාලු ගන්නේ. සින්දුවක් කරනකොට වුණත් ඒ සින්දුවේ තියෙන අදහස, වටිනාකම ගැන දෙපාරක් හිතලා බලනවලු. සින්දුවකින් හිස් වචන ටිකක් දෙනවා වෙනුවට පණිවිඩයක් දෙන්න ඕන කියලා තමයි බාචි නම් කියන්නේ. කලාකාරයන්ට මිනිස්සු ආදරෙයි නම් කලාකරුවොත් මිනිස්සුන්ට සාධාරණයක් ඉෂ්ට කරන්න ඕන කියලයි බාචිගේ අදහස. කොහොම වුණත් මේ කාලේ නම් ලංකාවට ඒතරම් හොඳ කාලයක් නෙවෙයි . අවුල් ගොඩයි. අලුතින් වැඩක් උනත් කෙරෙන්නෙ නෑ. එක අතකින් හැමදේටම වඩා කලාවට මේ ප්‍රශ්නය බලපාලා තියෙන හැඩයි. මේකේ බලපෑම වැඩියෙන්ම දැනිල තියෙන්නෙ කලාකාරයන්ට.
ඒත් ඉතින් හැමෝටම එහෙම වුණාට බාචි නං කියන්නෙ වෙනම කතාවක්. Musical Shows නෑ කියලා කියන්නෙම බාචිට හොඳයි ලු. ඒකත් මාර කතාවක් තමයි නේද? මොකද සමහරු ෆුල් අවුල් වෙනකොට මෙයාට එහෙම බයක් ඇත්තෙත් නෑ. මෙයා නම් කියන්නේ ඒ උනාට ඒ ගැන නම් ඉතින් ගානක් නෑ කියලා. මේ කාලය බාචිට හරිම හොඳ කාලයක්ලු , මොකද බාචි සාමාන්‍යයෙන් සිංදුවක් කරන්න නං සමහර වෙලාවට අවුරුදු දෙකක විතර කාලයක් ගන්නවා. ඉතින් මේ මොකුත් නැති කාලෙ ඒ වෙනුවෙන් යොදවන්න තමයි බාචි කල්පනා කරන් ඉන්නේ සහ මේ වෙනකොට කරල තියෙන්නෙත්. කොහොමද ඉතින් ඒක නේද ..සමහරු වැඩ නෑ කිය කිය උඩ බලන් ඉන්නකොට බාචි හෙමින් සැරේ පැත්තකට වෙලා විවේකයෙන් වැඩක් පලක් කරගෙන තියෙනවා.