Daily News
Trending

ලංකාවෙදි Music කරලා ජීවත් වෙන්න බෑලු – මලිත් පෙරේරා




මලිත් පෙරේරා කියන්නේ කවුද කියලා දැන් youth එකේ ඉන්න කාටවත් අමුතුවෙන් කියන්න ඕන නෑ. මොකද මේ youth එකේ ඉන්න අය පොඩි කාලේ ඉස්කෝලේ යන කොටම තමයි මලිත් පෙරේරා සිරස සුපස්ටාර් තරඟෙට සෙට් උනේ. එතකොට ඉතිං මලිත් පෙරේරාටත් වයස අවුරුදු දාහතයි. කොටින්ම කියනවනං නං සුපස්ටාර් Final එක තියන්නත් ඉස්සෙල්ලා මලිත් පෙරේරා ජනප්‍රිය චරිතයක් වෙලා හිටියේ. මොකද ඒකට නං හේතුව වුණේ මලිත් ගේ වෙච්ච ඇක්සිඩන්ට් එක. ඒක නිසා මලිත්ගෙ SMS තවත් වැඩි වුණා කියලා තමයි සමහරු කියන්නේ. කොහොමහරි මේ හැමදේකටම පස්සේ සින්දු ටිකක් කරපු මලිත් එකපාරම වගේ කාටවත් දැක ගන්න හම්බවුනේ නෑ. කාලයක් ගිහිල්ලා තමයි කට්ටිය දැන ගත්තේ මලිත් ඉන්නේ ඕස්ට්‍රේලියාවේ කියලා. කොහොමින් කොහොම හරි දැන් මලිත් එදා හිටපු කෙට්ටු කොල්ලා නෙවෙයි. හැඩකාර ඉලන්දාරියෙක්. ඒත් ඉතින් වැඩි හරියක්ම හිටියේ ඕස්ට්‍රේලියාවේ. එහේ හිටියත් ඉතින් මලිත් එයාගේ වෘත්තිමය ජීවිතය ගොඩනඟන්න හොඳ අඩිතාලමක් දාගෙනයි ඉන්නේ. එයා දැන් accountant කෙනෙක් විදියට ඔස්ට්‍රේලියාවේ ජොබ් එකකුත් කරනවලු.
කොහොම හරි දැන් ඉතින් මලිත් ඉන්නේ ලංකාවෙ නෙවේ ඕස්ට්‍රේලියාවේ. එහේදී මලිත් English සින්දු දෙක තුනකුත් කරලා තියෙනවා කියලා තමයි කියන්නේ. ඒත් මලිත් ලංකාවේ music ගැන නම් කියන්නෙ වෙනම කතාවක්. ලංකාවේ music කරලා නම් ජීවත් වෙන්න බෑලු. ඒත් මලිත්නම් කිසිම වෙලාවක music අතෑරලා නෑලු. ලංකාවේදී music ගැන විතරක් හිතනවා නම් ඒක ඉතින් ආර්ථිකය පැත්තෙන් හොඳම නෑලු. ඒ වගේ තත්වයක් යටතේ බැහැලම මියුසික් වලට ගේමක් දෙන්න ඉතින් කාටවුණත් පුළුවන් වෙන්නේ නෑ. කොහොම වුණත් කියන්න තියෙන්නේ මලිත් ඕස්ට්‍රේලියාවේ ඉඳලා ලංකාවට ඇවිල්ලා ටික දවසකින්ම ලංකාවේ සිටුවේශන් එක හොඳටම තේරුම් අරන් තියෙනවා කියලයි.

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close