Daily News
Trending

ලංකාවට Gladiator ගෙන්නපු දිනක්ෂි.

Dinakshie Priyasad - Magandhaa




Dinakshie Priyasad – Magandhaa Exclusive from Starfriends.lk

දිනක්ෂි ප්‍රියසාද් කිව්වම කවුරුත් නොදැන ඉන්න විදියක් නෑ. ඒ තරමට එයා teledrama බලන අය අතරේ ජනප්‍රිය වෙලා ඉන්නේ .තවත් විදියකින් කියනවා නම් එයා හදාගෙන තියෙන තැන ගන්න නම් කාටවත් ලේසි වෙන්නේ නෑ. මොකද ඒ තරමට දිනක්ෂි රසිකයන්ගේ සිත් අතරට ගිහිල්ලා ඉවරයි. ඔයාලට මතක ඇති පහුගිය කාලෙ telecast වුණ වෙස් Drama එකේ සන්ජනාව. ඒ drama එකේ නම් තිබුණේ වෙනම ගේම් එකක්. හැබැයි දැන්නම් දිනක්ෂි කරන්නේ පටන් අරන් තියෙන්නේ ගේම් එකක් නෙමෙයි.ඒක හොඳ බිස්නස් එකක්. මේ බිස්නස් එක මුලින්ම පටන් ගත්තේ මේ අවුරුද්දේ නෙමේ ගිය අවුරුද්දේ. 2018 Magandha කියන නමින් පටන් ගත්ත අන්තර්ජාලයෙන් හැමදෙයක්ම කෙරෙන මේ සාරි බිස්නස් එක ඊයේ පෙරේදා ඉඳලා තවත් මාවතකට ගමන් ගත්තා. ඒ Magandha කියන නමින්ම වෙළෙඳ පොළට අලුත් පාවහන් වර්ගයක් හඳුන්වා දීමෙන්. දිනක්ෂි හඳුන්වල දුන්න මේ පාවහන් වර්ගය හඳුන්වලා දීලා තිබුණෙ ග්ලැඩියේටර් කියලා. නම නම් පුරුදු එකක් වුණාට ඔන්න සපත්තු ජාතිය නම් අලුත්.

online ක්‍රමයට ව්‍යාපාර කටයුතු සිදුකරන මේ සපත්තු ව්‍යාපාරයට දිනක්ෂිගේ ලඟම හිතවතුන් පිරිසක් උදව් කරනවා කියලයි අපට ඒ ගැන දන්න කිහිප දෙනෙක් කිව්වේ. ඒ වුණත් මේ බිස්නස් එකට දිනක්ෂිත් සෑහෙන වියදම් කරලා කියලා තමයි ආරංචි වෙන්නේ අපිට නම්.

කොහොම වුනත් දිනක්ෂිගෙ බිස්නස් එකෙන් ලංකාවේ තරුණියන්ට හඳුන්වලා දුන්න ග්ලැඩියේටර් සපත්තු වෙළඳපලට එළිදක්වපු එක ගැන දිනක්ෂි කියලා තියෙන්නේ මෙන්න මෙහෙමයි.

” ලංකාවේ හැම අයම වගේ පාවිච්චි කරන සපත්තු සෙරෙප්පු හොඳ හොඳ මෝස්තරවලින් ගන්න නම් පිටරටකට යන්නම සිද්ධ වෙනවා. ඒක දැන් fashion එකක් වෙලානේ තියෙන්නේ. හොඳම දේවල් ගන්න පුළුවන් තායිලන්තයෙන්, සිංගප්පූරුවෙන්, යුරෝප්වලින් වගේ තැන්වලින්. ඒ රටවල් වල තියෙන හොඳ products දැන් මගේ shop එකෙනුත් ගන්න පුළුවන්. ගොඩක් අය පිටරටින් බඩු ගේන්න යන නිසා අපේ ලංකාවේ තියෙන සල්ලි තමයි පිටරටට යන්නේ. ඒක නිසා අපි කල්පනා කළා අපේ රටේ සල්ලි කොහොමද රට තුළම පවත්වා ගන්නේ කියලා. ඒකේ final result එකෙන් තමයි මම මේ වැඩේ පටන් ගත්තේ. ”

ඒ වගේම තමයි කියන්න ඕන දෙයක් තියෙනවා. අපි මේක කොට්ඨාසයක් මුල්කරගෙන විතරක් කරපු දෙයක් නෙමේ. පොදුවේ හැමෝටම සම්බන්ධ වෙන්න පුලුවන් විදියට තමයි අපි මේ බිස්නස් එක පටන් ගත්තේ. හරියටම කියනව නම් ලංකාවේ ෆැෂන් කරන පිරිස main කරලා . ඒ විතරක් නෙමෙයි දිනක්ෂි මෙහෙමත් කියනවා. ලස්සනට අඳින්න පලඳින්න කැමති හැමෝම අඩුම මිලට හැම දෙයක්ම ගන්න නම් එයාලා ලඟට ඇවිත් බලන්න කියලා.
ඔන්න එහෙනම් මේකයි එයාලගේ Link එක.

https://bit.ly/2ERowyA

 

Dinakshie Priyasad – Magandhaa Exclusive from Starfriends.lk

Tags
Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close