
රොහාන් විජේතුංග කිව්වම එක පාරට මීටර් වුණේ නැති වුණත් රංජියා කිව්වම ඔයාලා මේ කියන්නේ කවුරු ගැනද කියලා දන්නවනේ.
කෝටිපතියෝ කතාවේ ඒ රංජියාගේ විවාහයට දින නියම වෙලා තියෙද්දී රංජිගේ ඇත්තම ජීවිතයේ ආදර සම්බන්ධතාව ගලා ගෙන යන්නේ කොයි වගේද කියලා හොයලා බලන එක හොඳයි කියලා හිතුවා.
රොහාන් ප්‍රාසාංගික කලා විශේෂවේදී උපාධියෙන් පළමු පන්‍තියේ සාමාර්ථයක් හිමි කරගෙන සිටින අති දක්ෂයෙක්නේ. ඉතින් රොහාන්ලා කැම්පස් එන අලුත තමයි මේ සිද්ධිය පටන් ගන්නේ.
නායකත්ව පුහුණුව කියලා එකකට කැම්පස් ළමයින්ව යොමු කළේ එස්.බී දිසානායක අධ්‍යාපන ඇමැති කාලෙනේ. ඉතින් රොහාන්ලගේ අවුරුද්දේ ගම්පහ ළමයි සහ රත්නපුර ළමයි නායකත්ව පුහුණුව ලබන්නේ මීරිගම කෑම්ප් එකක.
රොහාන්ට ගංඟාව මුණ ගැහෙන්නේ අන්න ඒ මීරිගම කෑම්ප් එකේදී.
ඉතින් නායකත්ව පුහුණුව නොවන්න රොහාන්ට ගංඟාව මුණ ගැහෙන්නේ නෑ. ඒ නිසා රොහාන් එස්. බී දිසානායක ඇමැතිතුමාට අදටත් නොසෑහෙන්න පින් දෙනවලු.