Daily News
Trending

රොෂානුත් ලඟදිම තාත්තා කෙනෙක් – රොෂාන් පිලපිටිය




මේ ෆීල්ඩ් එකේ ඉන්න අයම කියන විදියට Roshan Pilipitiya කියන්නේ බොහොම නිරහංකාර පුද්ගලයෙක්. ඒ වගේම තමයි සද්ද නැතුව පැත්තකට වෙලා තමන්ගේ පාඩුවේ වැඩේ කරන් ඉන්න නළුවෙක් කිව්වොත් ඉතින් ඒකෙත් ඇති වැරැද්දක් නෑ. රොෂාන්ගෙ තාත්තා වැවිලිකරුවෙක් වුණත් අම්මා හිටපු නිළියෙක් නිසා රොෂාන්ගෙ තිබ්බෙත් නළු උණ තමයි. ඒ හින්දමද කොහෙද රොෂාන් කාලයක් යනකොට ජනප්‍රිය නළුවෙක් වුණා. හැබැයි ඉතින් ඒ එන්න ඉස්සෙල්ලා ස්කුල් ස්ටේජ් එකේ නං හොඳට පදම් වෙලා තමයි රොෂාන් එළියට ආවේ . ඒ කාලෙම තමයි රොෂාන් හොඳම පාසල් නළුවාට දෙන සම්මානයත් දිනාගත්තෙ. කොහොමත් ඕනම කෙනෙක් කාලෙකට මැණිකක් වගේ දිලිසෙනවා වගේම තමයි ඒකේ අනිත් පැත්තත්. කාලෙකට සැප කාලෙකට දුක කාලෙකට හොඳ මේ හැමදෙයක්ම ඉතින් කැරකෙන්නේ මිනිස්සු අතරෙනෙ. එහෙම කාලයක් රොෂානුත් පහු කරගෙන ආවා .හැබැයි ඉතින් ඒ කාලෙකට ඉස්සර. ඒ වුණාට ඒ හැමදේටම යන්න කියලා රොෂාන් දැන් ලස්සන අනාගතයක් දිහා බලාගෙන තමයි ඉන්නෙ. ඔන්න තවත් ටික දවසකින් රොෂාන් තාත්තා කෙනෙක් වෙන්න යන්නේ. මුලින්ම අපි එකට රොෂාන්ට සුබ පතලා ඉමු. හොඳම දේ තමයි රොෂාන් එයාගෙ වයිෆ් එක්ක මේ ලඟදි photoshoot එකකි කරලා තිබ්බා. ඒක සාමාන්‍ය එකක් නෙවෙයි වයිෆ්ගෙ pregnant photo shoot එක. සමහරුන්ට නම් මේක අමුත්තක් විදියට පේන්නත් පුළුවන්. ඒත් තවත් සමහරුන්ට එක අමුත්තක් නෙවෙයි. ලෝකෙ යන විදියට නේ ඉතිං හැමෝමත් යන්නේ.

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close