Daily News
Trending

රොෂාන් කියලා හිතාගෙන හුඟක් අය රැවටෙන, කවුද මේ රොෂාන්ගේ ෆොටෝ කොපිය?




කාලෙකට කලින් නිරූපණ ක්ෂේත්‍රයට එකතුවුණ අමිල කරුණානායකව දැන් බොහෝ දෙනෙක් දන්නව. බැලූ බැල්මට අමිල කියන්නෙ රොෂාන් රණවනගෙ සහෝදරයෙක් වගේ. එකම හැඩහුරුකම තමයි පිහිටලා තියෙන්නෙ.

මේ රූපය නිසා අමිල වගේම රොෂාන් රණවනත් අපහසුතාවට පත් වෙනවා. මොකද හුඟක් රසික රසිකාවියන්ට රොෂාන් සහ අමිලව පැටලෙනවා.

රොෂාන් කියලා හිතාගෙන සමහරු අමිල එක්ක සෙල්ෆි ෆොටෝස් ගන්නත් එනවලු. රොෂාන්ටත් අමිල රංගපාපු මියුසික් වීඩියෝ වලට ප්‍රතිචාර ලැබෙනවලු.

හුඟක් අය හිතන්නෙ අමිල කියන්නෙ රොෂාන්ගෙ මල්ලි කෙනෙක් කියලා. නිරූපණ ක්ෂේත්‍රයේ හිටපු කාලෙ ඉඳලම හුඟ දෙනෙක්ට මේ පටලැවිල්ල තිබුණා ලු.

මෙහෙම කියනවට අමිල නම් කැමති නැහැ. ඔහු කියන්නෙ රොෂාන් මේ ක්ෂේත්‍රයේ ස්ථාවරත්වයක් ගොඩනගාගත්ත කෙනෙක් කියලා. නමුත් අමිල එහෙම ගමනක් යන්න උත්සාහ දරන කෙනෙක්. ඒ නිසා එහෙම හිතනවට අමිල කැමති නෑ.

Tags
Show More
Close