Daily News
Trending

රොෂාන්ගේ ජීවිතේ කුෂ්ලානිට නැති ඉඩ වෙන් වුණේ කාටද?




රොෂාන් රණවන සහ කුෂ්ලානි කියන්නේ එකිනෙකා අසීමිත ආදරයෙන් බැඳුන පෙම්වතුන් යුවලක්. ඒ වගේම ආදරණීය අඹුසැමියන් යුවලක්.

ඒත් රොෂාන් තමන්ගේ ජීවිතේ වඩාත්ම ආදරය කරන දෙයක් ගැන කියනවා. ඒ දෙය ඔහුගේ ජීවිතයෙන් කොටසක්. ජීවිතයට බද්ධ වුණ දෙයක්.

රොෂාන්ගෙ ජීවිතයේ වැඩි ඉඩක් අයිති කරගත්ත ආදරවන්තයා කවුද? පුංචි කාලයේ පටන් ආදරයෙන් බැඳුන ඒ ආදරවන්තයා වෙන කවුරුවත් නෙමෙයි. ඒ තමයි සොබා දහම.

රොෂාන්ගෙ ජීවිතයේ පරිසරය සමග ආත්මීය සම්බන්ධතාවක් තියෙනවා. කුඩා කාලයේ පටන්ම ඔහු ගහ කොල සතා සීපාවාට ආදරය කරනවා. රොෂාන් පියෝ වෙජ්ටේරියන් කෙනෙක් වෙන්නත් හේතුව මේක වෙන්න ඇති.

රොෂාන්ගෙ නිවසත් පරිසරයට ලොකු ඉඩක් දීලා තමයි නිර්මාණය වෙන්නෙ. රොෂාන් සාමාන්‍යයෙන් එලිපහලියට යද්දි සෙරෙප්පු දෙකක්වත් පළඳින්නෙ නැතිලු. මොකද රොෂාන් හැම තිස්සෙම හිතනවා අපි පරිසරය එක්ක සම්බන්ධ වෙන්න ඕනෙ කියලා.

නිවාඩුවක් ලැබුණම ස්වභාවික පරිසරය ජීවමාන තැන්වලට යන්න තමයි රොෂාන් හුඟක්ම කැමැති. පරිසරයට සමීප වුණාම රොෂාන්ට දැනෙන මානසික සුවය වචනයෙන් විස්තර කරන්න බැහැ.

මිනිස්සු තැන තැන කුණුදාන එක ගැන රොෂාන්ට තියෙන්නෙ කණගාටුවක්. ඒ වගේම ඔහු හැම කෙනෙක්ගෙන්ම ඉල්ලීමක් කරනවා. ඒ පුළුවන් හැම වෙලාවෙම පැලයක් රෝපණය කරන්න කියන ඉල්ලීම

Show More
Close