Daily News
Trending

රොෂාන්ගේ කිරි සිහිනය.

Roshan Ranawana




Roshan Ranawana Exclusive from Starfriends.lk

අලුත් අවුරුද්දක් උදා වෙලා දන්නෙම නැතිව සති දෙකක් ගෙවිලා ගිහින්. කාලය ගතවෙන වේගය කොයිතරම් ද කියලා නොතේරෙන තරමට අපි කාර්යබහුලයි. ඒත් වයස කියන්නේ අතින් අල්ලලා නතර කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ජීවන අරගලය අස්සේ අපි ජීවිතය විඳින්නත් ඕනේ. එහෙම නැති වුණොත් දන්නෙම නැතිව ඇත්ත ජීවිතය අපෙන් ඈත් වෙලා තියේවි.

අපිට එක එක වර්ගයේ හීන තියෙනවා. ඒ ‌බොහොමයක් හීන අතිශය පෞද්ගලිකයි. හිතේ ඉන්න සිහින කුමාරයා ගේ හෝ කුමාරියගේ අත ගන්න සිහිනය ඒ අතරින් විශේෂයි. තමා බලාපොරොත්තුවෙන් සිටි කෙනා සමඟ විවාහ වෙනවා කියන්නේ ජීවිත කාලයටම ගන්න සතුටුදායක තීරණයක්. එක් අරමුණකට ළන් වුණාම අපි තවත් අරමුණක් හඳුනා ගන්නවා. ඊට පස්සේ ඒ අරමුණ හඹා යනවා. ජීවිතය කියන්නේ ඒ වගේ කාලෙන් කාලෙට ඇතිවන අරමුණු හඹා යන එකට. විවාහකයෙක්ගේ ඊගාව හීනය වෙන්නේ දරුවෙක්.

විවාහ ජීවිතයේ සතුටත් නිදහසත් ආස්වාදයත් ඇති තරම් විඳිමින් සිටින රොෂාන් සහ කුෂ්ලානිටත් එවැනි සිහිනයක් තිබීම පුදුමයක් නෙමෙයි. උදා වූ 2019 වර්ෂයේ රොෂාන් ගේ බලාපොරොත්තු අතර ඉදිරියෙන්ම තියෙන්‌නේ කිරිකැටියකුගේ පැමිණීම. රොෂාන්ගේත් කුශ්ලානිගේත් සතුට සොම්නස පිරුණු කැදැල්ලට කිරි සුවඳ අරගෙන, මේ පුංචි පැටියා ඉක්මනින්නම එන්න කියලා අපි ආදරණීයව ආරාධනා කරනවා. රොෂාන් රණවන කියන්නේ රංඟන ක්ෂේත්‍රයේ හොඳ නමක් දිනාගෙන සිටින සාර්ථක ශිල්පියෙක්. කවදාවත් කිසිම කෙනෙක්ගෙන් කතාවක් අහන්නේ නැතිව, විශේෂයෙන්ම කටකතාවලට ඉඩක් නොතබා වසර දහයකට අධික කාලයක් තරුවක් ලෙස පොළොවේ පයගසා සිටීම පහසු කාර්යයක් නෙමෙයි. රොෂාන් එලෙස තම ප්‍රතිරූපයට හානි නොවන සේ අවබෝධයෙන් මේ ගමන ආ බව චකිතයකින් තොරව කියන්න පුළුවන්. කුශ්ලානි සමඟ රොෂාන් ගත කරන විවාහ ජීවිතය ද ආදරණීය එකක් බව තතු දන්නෝ හොඳින්ම දන්නවා. ඉතින් මේ සාර්ථක රංඟන ශිල්පියාගේ අලුත් අවුරුදු සිහිනයත් ඉක්මනින්ම හැබෑවෙන බවටත් සැකයක් නැහැ.

සිහින පෙම්වතා විධියට සිනමාවටත් ටෙලි කලාවටත් අවතීර්ණ වූ රොෂාන් පසු කාලීනව විලන් චරිතවලට ද සාර්ථකව සිය දායකත්වය ලබා දී තිබෙනවා. නිරූපන ශිල්පියකු ලෙසත් ඉඳහිට ගායකයකු ලෙසත් රොෂාන් රසික රසිකාවන් අතරට එනවා. කවුරුත් රොෂාන්ව හඳුනා ගන්නේ මස් මාංශයෙන් රහමෙරින් පවා තොර ඉතා යහපත් කෙනෙක් හැටියට. රොෂාන් සහ කුෂ්ලානි දෙමාපියන් වෙච්ච දවසට අපි ඒ අත්දැකීම රොෂාන්ව මුණගැහිලාම බෙදාගමු.

Roshan Ranawana Exclusive from Starfriends.lk

Tags
Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close