Daily News

රොෂාන්ගෙ ජීවිතෙත් අලුත් වෙනසක්.. – රොෂාන් රණවන –




රසිකාවියන්ගෙ සිහින කුමාරයා වෙන එකත් ඉතින් ලේසි පහසු වැඩක් නෙවෙයිනේ. ඒත් ඒ අවස්ථාව රොෂාන්ට ලැබුණේ නිකංම වගේ. එයාට රසිකයො ආදරේ කරන්න පටන්ගත්තේ පිස්සුවෙන් වගේ. අන්න එහෙමයි රොෂාන් රණවන තැන හදාගත්තේ. කාලෙකට ඉස්සර වෙලා ලංකාවට නළුවෝ අහේනියක් තිබුණු කාලෙක එක විදියක නළුවෙක් සිනමාවට ආවා. හැබැයි සිනමාවට එන්න ඉස්සෙල්ලා නම් එයා හිටියේ එංගලන්තේ. වැඩි කාලයක් ගියේ නෑ අපි කතා කරන මේ රොෂාන් රණවනට හතරවටින් සුබපැතුම් එකතු වුණා. ඔන්න ඉතින් ඊටත් පස්සෙ එන එන හැම ෆිල්ම් එකකම වගේ මේන් රෝල්එක කරන චාන්ස් එක ලැබුනෙ රොෂාන්ට.
ඔයාලට මතක ඇති මීට අවුරුදු 13කට විතර ඉස්සර වෙලා හිරිපොද වැස්සෙන් රොෂාන් පටන් ගත්ත ගමන. ආසයි මං පියාඹන්න, රෝස කැලේ ,ඩාන්සින් ස්ටාර් , කුස පබා, සුපර් සික්ස්, මහින්දාගමනය, මහරජ අජාසත්ත වගේ ෆිල්ම්ස් අතිශය ජනප්‍රියත්වයට පත්වුණා. මේ ජනප්‍රියත්වය ලබාගත්තට පස්සෙ කාලෙකදි මෙයා මැරිකරා. ඒ ආදරෙත් කාලයක් තිස්සේ ගලාගෙන ගියාට පස්සේ ඔන්න ඉතින් දැන් මේ දෙන්නා ගැන අලුත් ආරංචියක් පැතිරිලා තියෙනවා. ආරංචියක් පැතිරිලා තියෙනවා කිව්වේ ඒක නිකං මේ මාරම සීන් එකක් නෙවෙයි. අලුත් වෙනසක කතාවක්.
මේ දෙන්නගේ ජීවිතේ අලුත් වෙනසක කතාවක්.

ඒක එසේ මෙසේ වෙනසක් නෙවේ. ජීවිත කාලය පුරාවටම සතුටින් ඉන්න පුලුවන් වෙනසක්. තවත් ඉතින් මොකටද හංගන්නේ මේ දෙන්නට ඔන්න දැන් දරුවෙක් ලැබෙන්නයි ඉන්නේ. එයාලා නම් කියන්නේ දුවෙක්ද පුතෙක්ද කියලා කියන එක ඉතින් අන්තිමටම බලාගන්න පුලුවන් කියලා. දැන් ඉතින් මේ දෙන්නා මැරි කරලා අවුරුදු පහක්ම වෙනවා. මෙයාල කියන විදියට පහුගිය අවුරුදු පහ පුරාවටම රටවල් තිහකට විතර දෙන්නත් එක්ක සංචාරය කරාලු. travel කරනවා කියන එක දෙන්නගෙම හිතේ තිබ්බ දෙයක්ලු. කොහොම හරි මෙච්චර කලක් ජොබ් එකක් කරපු රොශාන්ගේ වයිෆ් ජොබ් එකෙනුත් දැන් අයින්වෙලා. එයාලගේ දරුවාගේ වගකීම් බාරගන්නලු සූදානම් වෙලා ඉන්නේ.

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close